යොහන් 8:32-36
යොහන් 8:32-36 SCV
එවිට ඔබ සත්‍යය දැනගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල් ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක් ම පාපයේ වහලකු බවයි. වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී. එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි.









