YouVersion Logo
Search Icon

යොහන් 2:19-22

යොහන් 2:19-22 SCV

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක. එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවා දැ?” යි ඇසූහ. එහෙත් උන්වහන්සේ කී මාලිගාව උන්වහන්සේගේ ම ශරීරයයි. යේසුස්වහන්සේ මරණින් යළි නැගිට්ට පසු, උන්වහන්සේගේ ගෝලයින්ට උන්වහන්සේගේ මේ කියමන මතක් විය; එවිට ඔවුහු ශුද්ධ ලියවිල්ල ද උන්වහන්සේ පැවසූ වචන ද විශ්වාස කළෝ ය.