YouVersion Logo
Search Icon

යෙසායා 9:2-5

යෙසායා 9:2-5 SCV

අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති. මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන් ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද ඔවුන්ගේ කර මත වූ වියකඳ ද ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද සිඳ-බිඳ ලූ සේක. රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ.

Free Reading Plans and Devotionals related to යෙසායා 9:2-5