YouVersion Logo
Search Icon

යෙසායා 60:3-5

යෙසායා 60:3-5 SCV

ඔබේ එළිය වෙත ජාතීන් ද ඔබේ උදාවේ දීප්තිය වෙත රජුන් ද එනු ඇත. ඔබේ ඇස් ඇර, අවට බලන්න. ඔවුහු සැවොම එක් රැස් ව, ඔබ වෙත එන්නෝ ය. ඔබේ පුත්තු දුර ඈත සිට පැමිණෙති. ඔබේ දූවරු උකුළේ වඩාගෙන ගෙන එනු ලබන්නෝ ය. එවිට ඔබ එය බලා, ප්‍රීතියෙන් පිනා යනු ඇත. ඔබේ හද පිබිද, ප්‍රීතියෙන් ඔකඳ වනු ඇත. මන්ද මුහුදේ ඉසුරු ද ජාතීන්ගේ වස්තුව ද ඔබ කරා ගලා එන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 60:3-5