යෙසායා 48
48
මුරණ්ඩු ඉශ්‍රායෙල්
1“මේ අසනු එම්බා යාකොබ් වංශය,
ඉශ්‍රායෙල් යන නාමයෙන් අමතනු ලබන,
යූදා පෙළපතින් පැවත එන නුඹ
ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරයි,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන් කරයි;
එහෙත් ඒ, සැබෑකමින්වත්, දමිටුකමින්වත් නො වේ.
2මන්ද ඔවුහු ශුද්ධ නගරයට අනුව තමන් හඳුන්වා ගනිති,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මත තමන් ම රඳා සිටිති.
සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි.
3ඉහත දේවල් මම ඈත අතීතයේ කල්තියා ප්‍රකාශ කළෙමි.
මගේ මුවින් ඒවා නිකුත් විණි. මම ඒවා නිවේදන කළෙමි.
හදිසියේ ම මම එසේ කළෙමි. ඒවා සිද්ධ විය.
4මන්ද ඔබ කොතරම් මුරණ්ඩු දැයි මම දන්නෙමි.
ඔබේ ගෙලෙහි බල නහර යකඩ ය.
ඔබේ නළල්තල ලෝකඩ ය.
5‘මේවා කළේ මගේ පිළිමය ය.
මේවා නියම කළේ, මගේ වාත්තු ප්‍රතිමාව හා ලෝහ දෙවියා යැ’ යි
කීමට ඔබට නො හැකි වන පිණිස,
බොහෝ ඉහතදී මේ දෑ මම ඔබට කීවෙමි;
ඒ දෑ සිදු වන්නට කලින් මම ඒවා ඔබට ප්‍රකාශ කළෙමි.
6මේ දෑ ඔබ අසා ඇත. ඒ හැම දෙස බලන්න.
නුඹ ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැද්ද?
“මෙතැන් පටන් මම අලුත් දෑ,
ඔබ නො දන්නා සැඟවුණු දෑ ඔබට කියන්නෙමි.
7ඒවා මවන ලද්දේ දැන් ය. බොහෝ ඉහතදී නො වේ.
අද දිනට කලින් ඒවා ගැන ඔබ අසා නැත.
එබැවින්, ‘හරි, මම ඒවා දැන සිටියෙමි’ යි කීමට
ඔබට නුපුළුවන.
8ඔබ ඇසුවේ නැත; වටහා ගත්තේ ද නැත.
ආදියේ පටන් ඔබේ කන ඇරී තිබුණේ නැත.
ඔබ කොතරම් ද්‍රෝහියකුදැයි මම දැන සිටියෙමි.
ඔබේ උපතටත් කලින් ඔබ හඳුන්වනු ලද්දේ කැරලිකරුවා යනුවෙනි.
9මගේ නාමය උදෙසා, මගේ උදහස මම ප්‍රමාද කරමි.
මගේ ප්‍රශංසාව උදෙසා ඔබ සිඳ නො දමන පිණිස,
ඔබ වෙතින් උදහස මැඩ ගනිමි.
10ඔන්න, මම ඔබ පවිත්‍ර කළෙමි. එහෙත් රිදී මෙන් නො වේ.
විපත්ති-පීඩා උදුනෙහි මම ඔබ සෝදිසි කළෙමි.
11මන්ද මා මෙසේ කරන්නේ, මා උදෙසා ය. මා උදෙසා ම ය.
මගේ නාමය නිග්‍රහයට පත් වීමට මම කෙසේ ඉඩ දෙම් ද?
මගේ ගෞරවය කොහෙත් ම වෙන කෙනකුට නො දෙන්නෙමි.
කැඳවීම ලද ඉශ්‍රායෙල්
12“එම්බා යාකොබ්,
මවිසින් කැඳවා ගත් ඉශ්‍රායෙල්, මට සවන් දෙන්න.
මමයි උන්වහන්සේ;
මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්.
13පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය.
අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය.
මා ඒවා කැඳවූ කල,
ඒවා එක් ව පෙනී සිටී.
14“එක් රැස් ව, ඔබ සැවොම අසනු:
මේ දේවල් කලින් කීවේ ඔවුන් අතරින් කවුරු ද?
ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක;
ඔහු බබිලෝනිය පිට උන්වහන්සේගේ අරමුණ මුදුන් පමුණුවනු ඇත.
ඔහුගේ බාහුව කල්දිවරුන්ට එරෙහි වනු ඇත.
15මම, සැබවින් ම මම, කතා කර,
ඔහුට හඬ ගැසීමි.
මම ඔහු ගෙනෙන්නෙමි.
ඔහු තම මාර්ගයේ සඵල වනු ඇත.
16“මට ළංවන්න. මේ අහන්න:
“පටන් ගැන්මේ සිට මා කතා කළේ රහසින් නො වේ.
එය සිදු වූ කාලයේ පටන් මම එහි සිටිමි.”
දැන් පරමාධිපති ස්වාමින්වහන්සේ
ස්වකීය ආත්මයාණන් සමඟ මා එවූ සේක.
17ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඔබට ඉතාම කදිම දෑ ඔබට උගන්වන,
ඔබ යා යුතු මග ඔබට පෙන්වන,
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
18අහෝ, ඔබ අවධානය මගේ ආඥාවලට යොමු කළේ වී නම්,
ඔබේ ශාන්තිය ගංගාවක් සේ ද
ඔබේ දමිටුකම සාගර තරංග සේ ද වන්නට තිබිණි.
19ඔබෙන් පැවත එන්නන් වැලි මෙන් ද
ඔබේ දරුවන් අසංඛ්‍ය වූ වැලිකැට මෙන් ද වන්නට තිබිණි.
ඔවුන්ගේ නම කිසි කලෙක මා අබියසින් සිඳලනු ලබන්නට හෝ
විනාශ කර දමනු ලබන්නට හෝ ඉඩ නො තිබිණි.”
20බබිලෝනිය හැර යන්න.
කල්දිවරුන්ගෙන් පලා යන්න!
ප්‍රීති ඝෝෂා සහිත ව
මෙම නිවේදනය ප්‍රකාශ කරන්න.
පොළෝ සීමා කොන් දක්වා මෙසේ පතුරුවා හරින්න:
“ස්වාමින්වහන්සේ ස්වකීය සේවක යාකොබ් මුදා ගත් සේකැ” යි කියන්න.
21උන්වහන්සේ කාන්තාර මැදින් ඔවුනට මග පෙන්වද්දී ඔවුනට පිපාසය දැනුනේ නැත.
උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයෙන් වතුර ගලා එන්නට සැලසූ සේක.
උන්වහන්සේ පර්වතයේ පැළුමක් ඇති කළ සේක.
එවිට වතුර ගලා හැලිණි.
22“දුෂ්ටයිනට සාමය නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
Currently Selected:
යෙසායා 48: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: