යෙසායා 49
49
ස්වාමින්වහන්සේගේ සේවකයා
1එම්බා දූපත්නි, මට සවන් දෙන්න.
දුරස්ථ ජනයිනි, අවධානය දෙන්න.
ගර්භාශයේ මා සිටියදී, ස්වාමින්වහන්සේ මා කැඳවූ සේක.
මවු කුස තුළ සිටියදී, උන්වහන්සේ මගේ නම සඳහන් කළ සේක.
2උන්වහන්සේ මගේ මුඛය තියුණු කඩුවක් සේ කළ සේක.
ස්වකීය හස්ත-සෙවණැල්ලෙහි මා සැඟ වූ සේක.
ඔප දැමූ හීයක් බවට මා පත් කළ උන්වහන්සේ,
තම හී කොපුවෙහි මා සැඟ වූ සේක.
3උන්වහන්සේ කතා කොට, “මගේ සේවකයා ඔබයි ඉශ්රායෙල්,
නුඹ තුළින් මම තේජසට පත් වන්නෙමි” යි පැවසූ සේක.
4එහෙත් මා කීවේ, “නිකරුණේ මම වෙහෙසුණෙමි.
මගේ ශක්තිය වැඩකට නැතිව නිෂ්ඵල ව වැය කළෙමි.
එසේ වුව ද මගේ හිමිකම ස්වාමින්වහන්සේ සමඟ ය.
මගේ ඉටු විපාකය මගේ දෙවියන්වහන්සේ සමඟ ය” කියා ය.
5 ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්‍ර වූ බැවින් ද,
මගේ දෙවියන්වහන්සේ මගේ ශක්තිය වන බැවින් ද,
තමන්වහන්සේ වෙත යාකොබ් ආපසු ගෙන එන්නටත්,
ඉශ්රායෙල් තමන් වෙතට එක් රැස් කර ගැනීමටත්
ස්වකීය සේවකයා වන පිණිස, මවු කුස තුළ මා සෑදූ
ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක:
6උන්වහන්සේ මෙසේ කියන සේක:
“යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්,
මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්,
මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි.
පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස
මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.”
7ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාණන් ද ශුද්ධ තැනැන්වහන්සේ ද වන
ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නේ,
තම ජාතිය විසින් ගර්හා කොට, පිළිකුල් කරන ලද්දාවූත්,
පාලකයින්ගේ සේවකයා වූත් තැනැත්තාට ය:
“රජවරුන් දැක, නැගිට සිටිනු ඇත.
අධිපතීන් ද දැක, වැඳ වැටෙනු ඇත.
මන්ද ඔබ තෝරා ගෙන ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වූ
විශ්වසනීය ස්වාමින්වහන්සේ වන බැවිනි.”
ඉශ්රායෙල් යළි නගා සිටුවීම
8 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ප්‍රසාදයේ කාලයකදී මම ඔබට පිළිතුරු දුනිමි.
ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි.
මම ඔබ ආරක්ෂා කරමින්,
ජනතාවට ගිවිසුමක් වශයෙන් දෙන්නෙමි.
එසේ කරන්නේ, දේශය පිළිසකර කරන්නටත්,
එහි පාළු උරුමය යළි පවරා දීමටත්,
9සිරකරුවන්ට, ‘පිටතට එන්න!’ කියා ද
අඳුරෙහි සිටින්නන්ට ‘පෙනී සිටින්න’ කියා ද කියන්නටත් ය.
“මග දිගට ම ඔවුන්ට අහර ලැබේ.
විවෘත සියලු උස් බිම් ඔවුන්ගේ ගොදුරු බිම් වනු ඇත.
10ඔවුනට සාගිනි වන්නේවත්, පිපාස වන්නේවත් නැත.
කාන්තාර ගිනියම හෝ හිරු ඔවුනට පීඩා කරන්නේ නැත.
මන්ද ඔවුනට අනුකම්පා කරන තැනැන්වහන්සේ
ඔවුනට මග පෙන්වමින් දිය උල්පත් ඔස්සේ ඔවුන් ගෙන යන සේක.
11මගේ සියලු කඳු මම පාරක් කරන්නෙමි.
මගේ මහ මාර්ග ද ඉදි කෙරෙනු ඇත.
12බලනු! මේවා එන්නේ ඈත එපිට සිට ය.
බලන්න, මේවා උතුරේ සිට ය. මේවා බටහිර සිට ය.
මේවා සීනීම් දේශයේ සිට ය.”
13සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි,
එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න.
එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න.
මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක.
පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක.
14එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක.
මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය.
15“තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද?
තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද?
මොවුන් අමතක කළා වුව ද,
මා නුඹලා අමතක කරන්නේ නැත.
16මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි.
ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය.
17ඔබේ දරුවෝ කඩිනමින් ආපසු එති;
ඔබ බිඳ දැමූවෝ, ඔබ වැනසූවෝ ඔබෙන් ඉවත් ව යති.
18ඔබේ ඇස් විදහා අවට බලන්න.
ඔවුහු සියල්ලෝ එක් වී, ඔබ වෙත එන්නෝ ය.
මා ජීවත් වන වග සැබෑ සේ ම,
ආභරණ සේ ඔබ ඔවුන් හැම පැලඳ ගනු ඇත.
මනාලියක සේ ඔබ ඔවුන් බැඳ ගනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
19“විනාශ කරන ලද, පාළුවට හැර දමනු ලැබූ ස්ථාන හා
ආලාපාළු වූ ඔබේ දේශය
දැන් ඔබේ ජනාවාස සඳහා ඇත්තෙන් ම ඉතා පටු ය.
ඔබ ගිලගන්නන් ද බෙහෙවින් ඈත ය.
20ඔබේ වියෝ දුක් කාලයේ දරුවෝ
නැවත ඔබට ඇහෙන්නට කතා කරමින්,
‘මෙතැන අපට කොහෙත් ම ඉඩ මදි;
පදිංචියට ඉඩකඩ සලසා දෙන්නැ’ යි කියති.
21එවිට ඔබ, ඔබේ හද තුළ කතා කරමින්,
‘මොවුන් මට උපදවා දුන්නේ කවුරු ද?
මම වියෝ දුකට පත් කරනු ලැබ, නිසරු ව,
පිටුවහල් ව, ඉවතලනු ලැබ සිටියෙමි.
ඉතින් මොවුන් ඇතිදැඩි කළෝ කවුරු ද?
බලනු, මම තනි කරනු ලැබීමි.
මොවුන් ආවේ කොහේ සිට දැ?’ යි” කියනු ඇත.
22පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මෙන්න! මම ජාතීන්ට මගේ අත ඔසවන්නෙමි.
ජනී ජනයාට මම මගේ සංඥාව ඔසවන්නෙමි.
එවිට ඔවුහු ඔබේ පුතුන් වඩාගෙන එන්නෝ ය;
ඔබේ දූවරුන් තම කරපිටින් ගෙනෙන්නෝ ය.
23රජුන්, ඔබ හදා-වඩන පියවරුන් වනු ඇත.
ඔවුන්ගේ බිසවුන් ඔබට කිරි මවුවරුන් වනු ඇත.
ඔවුන් ඔබ ඉදිරියෙහි මුහුණු බිම ඔබා, වැඳ වැටෙනු ඇත.
ඔවුන් ඔබේ පා දූවිලි ලෙවනු ඇත.
ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත.
මා තුළ බලාපොරොත්තු තබන අයගේ බලාපොරොත්තු නො බිඳේ.”
24බලවන්තයකු වෙතින් කොල්ලය ආපසු ගත හැකි ද?
කෲර පාලකයකු වෙතින් සිරකරුවන් මුදා ගත හැකි ද?
25එහෙත් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“සැබවින් ම, බලවන්තයින් වෙතින් සිරකරුවන් මුදා ගනු ලැබේ.
කෲර පාලකයින් වෙතින් කොල්ලය ආපසු ගනු ලැබේ.
මන්ද ඔබට විරුද්ධ වන අයට මම විරුද්ධ වෙමි.
ඔබේ දරුවන් මම ගලවන්නෙමි.
26ඔබේ පීඩකයින්ට තමන්ගේ ම මස් කන්නට මම සලස්වන්නෙමි.
මිදි යුෂ මෙන් ඔවුන් තමන්ගේ ම ලේ බී, මත්වනු ඇත.
ඔබේ ගැලවුම්කරුවාණන් ද ඔබේ මිදුම්කරුවාණන් ද
යාකොබ්ගේ මහ බලවතාණන් ද වන ස්වාමින්වහන්සේ මා වග
මාංසමය සියල්ලන් දැනගනු ඇත.”
Currently Selected:
යෙසායා 49: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: