යෙසායා 35:1-4
යෙසායා 35:1-4 SCV
පාළුකරය හා වියළි දේශය ප්‍රීති වනු ඇත. කාන්තාරය ප්‍රමෝදවත් වී, සෙව්වන්දි මෙන් මල් දරනු ඇත. බහුල ව මල් හට ගැන්වී, එය ප්‍රීතියෙන් හා ප්‍රීති ඝෝෂාවෙන් ප්‍රමුදිත වනු ඇත. ලෙබනොන්හි මහිමය ද කර්මෙල්හි හා ෂාරොන්හි ශෝභාව ද ඊට දෙනු ලැබේ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ද අපේ දෙවියන්වහන්සේගේ ශෝභාලංකාරය ද ඔවුන් දකිනු ඇත. බෙලහීන අත් සවිමත් කර ගන්න. දුබල දණහිස් ප්‍රාණවත් කර ගන්න. බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න: “බලවත් වන්න. භය නො වන්න. මෙන්න ඔබේ දෙවියන්වහන්සේ පළි ගැනීමට එන සේක. උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක. ඔබ ගලවා ගැනීමට එන සේක.”





