හෙබ්‍රෙව් 9
9
භූමික කූඩාරමෙහි නමස්කාරය
1පළමු ගිවිසුමට අදාළ ව පවා, නමස්කාරය පිළිබඳ රෙගුලාසි හා භූමික ශුද්ධස්ථානයක් තිබිණ. 2මන්ද කූඩාරමක් පිහිටු වන ලදී. එහි පළමු කොටසේ පහන් රුක ද මේසය ද දේවාභිමුඛ රොටි ද විය. මෙය ශුද්ධස්ථානය නමින් හැඳින්විණ. 3දෙවන තිරයට පිටුපසින්, අතිශුද්ධස්ථානය නමින් හැඳින්වුණු දෙවන කොටස විය. 4එහි රනින් කළ දුම් පූජාසනය ද හැම පැත්ත ම රනින් වැසූ ගිවිසුම් කරඬුව ද ඒ තුළ මන්නා දැමූ මංජුසාව ද ආරොන්ගේ දළු ලෑ සැරයටිය ද ගිවිසුමේ ගල් පුවරු ද තිබිණ. 5ඊට ඉහළින්, කරුණාසනය#9:5 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම ආවරණ කර ගත් තේජසේ කෙරුබ්වරු වූහ. මේ දෑ ගැන සවිස්තර ව කතා කරන්නට දැන් බැරි ය.
6මෙම සූදානම් කිරීම් පිළියෙල කොට තිබියදී, පූජකයෝ නියමිත වතාවත් ඉටු කිරීමට නිති පතා පළමු ස්ථානය තුළට යති. 7එහෙත් දෙවන ස්ථානය තුළට යන්නේ උත්තම පූජකයා පමණි; ඒ ද වසරකට වරකි; ඒ ද තමා උදෙසා හා සෙසු ජනයා නො දැනුවත් ව කළ පාප උදෙසා ඔප්පු කරන පිණිස, ලේ නොමැතිව නො වේ. 8ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි. 9මෙය, වත්මන් යුගයට සංකේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය පරිපූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ. 10ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි.
ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය
11ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ මණ්ඩපයට මැදින්, 12ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මගින් නො ව, තමන්වහන්සේගේ ලේ මගින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි. 13මන්ද මාංසයේ පවිත්‍ර වීමට, එළුවන්ගේ හා ගවයින්ගේ ලේ ද දවන ලද එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන් අපවිත්‍ර වූවන් පාරිශුද්ධ කරනු ලැබේ නම්, 14ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන් ම, සදාතන ආත්මයාණන් මගින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මගින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
15එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.
16මන්ද අන්තිම කැමැත්ත පිළිබඳ කාරණයකදී එය ස්ථාපිත කළ කෙනාගේ මරණය සහතික විය යුතු වේ. 17අන්තිම කැමැත්ත බල පැවැත්වෙන්නේ මරණයෙන් පසුව පමණි. එය ලියූ අය ජීවත් ව සිටින තෙක් එය වලංගු නැත. 18එබැවින් පළමු ගිවිසුම පවා, ලෙයින් තොර ව පිහිටුවනු ලැබුවේ නැත. 19මන්ද ව්‍යවස්ථාවේ හැම ආඥාවක් ම මුළු මහත් ජනතාවට ප්‍රකාශ කළ පසු, මෝසෙස් වතුර ද රතු ලොම් ද හිසොප් ද සමඟ ගව ලේ හා එළු ලේ ගෙන, එම ලියවිල්ලත්, මුළු මහත් ජනතාවත් පිට ඒවා ඉස්සේ, 20“දෙවියන්වහන්සේ ආඥා කළ ගිවිසුමේ ලේ මේ යැ”#9:20 නික්ම 24;8 කියමිනි. 21තවද ඔහු මණ්ඩපයටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය. 22සැබවින් ම, ව්‍යවස්ථාව යටතේ හැම දෙයක් ම ලෙයින් පවිත්‍ර කරනු ලැබිණ; ලේ වැගිරීමකින් තොර ව, පාප කමා කිරීමක් ද නැත.
23එබැවින්, ස්වර්ගීය දේවල අනුරූප, මෙම වත් පිළිවෙත් මගින් පවිත්‍ර කරනු ලැබීම අවශ්‍ය ව තිබුණ ද, ස්වර්ගීය දෑ උදෙසා මීට වඩා උතුම් යාග අවශ්‍ය විණි. 24මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයට ම ඇතුළු වූ සේක. 25ඒ, වසරක් පාසා උත්තම පූජකයා තමන්ගේ නො වන ලේ ගෙන, ශුද්ධස්ථානයට ඇතුළු වන ලෙස නැවත නැවතත් තමන් ම යාගවන්නට නො වේ. 26එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදු වන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන් ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක. 27එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම, 28ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එක ම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් ප්‍රකාශ වන සේක.
Currently Selected:
හෙබ්‍රෙව් 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: