හෙබ්‍රෙව් 8
8
අලුත් ගිවිසුමේ උත්තම පූජකයාණන්
1මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි. 2මිනිසා විසින් නො ව, ස්වාමින්වහන්සේ විසින් පිහිටු වන ලද සැබෑ මණ්ඩප ශුද්ධස්ථානයේ උන්වහන්සේ මෙහෙවරෙහි යෙදෙන බවයි.
3හැම උත්තම පූජකයෙක් ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය. 4තවමත් මිහි පිට සිටිනවා නම්, පූජකයකු වීමට උන්වහන්සේට කොහෙත් ම නුපුළුවන. මන්ද ව්‍යවස්ථාවට අනුව පඬුරු ඔප්පු කරන පූජකයින් සිටින බැවිනි. 5ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් මණ්ඩපය හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන් වූ සැලැස්මට අනුව හැම දේ ම හදන්නට වග බලා ගන්නැ”#8:5 නික්ම 25;40 යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය. 6එහෙත් යේසුස්වහන්සේ ඒ පැරණි එකට වඩා අතිශය උත්තරීතර මෙහෙවරක් අත්කර ගෙන ඇත්තේ, උන්වහන්සේ මැදහත්කම් කරන ගිවිසුම ද වඩා හොඳ එකක් වූ පරිද්දෙනි; මන්ද එය වඩා හොඳ පොරොන්දු මත පිහිටන බැවිනි.
7මන්ද ඒ පළමු ගිවිසුම දෝෂ රහිත වී නම්, දෙවැන්නක් ගැන බැලීමේ අවැසිතාවක් ඇති නො වේ. 8මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක:
“ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි,
මෙන්න! ඉශ්රායෙල් වංශය හා
යූදා වංශය සමඟ
මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.
9එය, ඊජිප්තු දේශයෙන්,
ඔවුන් පිටතට ගෙනෙන පිණිස,
මා ඔවුන්ගේ පියවරුන්ගේ අතින් අල්ලාගෙන,
ඔවුන් සමඟ කළ ගිවිසුම වගේ නො වේ.
මන්ද ඔවුන් දිගට ම මගේ ගිවිසුමේ පැවතුණේ නැත.
එබැවින් මමත් ඔවුන් නො සලකා හැරියෙමියි,
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
10මන්ද, ඒ දවස්වලට පසු ඉශ්රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි,
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මම, මගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි;
ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
ඔවුහු මගේ ජනතාව වන්නෝ ය.
11‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියමින්, කෙනෙක් තම අසල්වැසියාටවත්,
කෙනෙක් තම සහෝදරයාටවත් තවත් උගන්වන්නේ නැත;
මන්ද ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා,
ඔවුන් සියල්ලෝ ම මා හැඳින ගන්නාහ.
12මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි;
ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.”#8:12 යෙරමි 31:31-34
13මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත් වූ එකක් කළ සේක. එසේ, කල් ඉකුත් වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.
Currently Selected:
හෙබ්‍රෙව් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: