හෙබ්‍රෙව් 7
7
මෙල්කිසදෙක් නම් පූජක තෙම
1මන්ද සාලෙම්හි රජු වූ මෙම මෙල්කිසදෙක්, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයාණෝ ය. රජුන් ඝාතන කර, ආපසු එමින් සිටි ආබ්‍රහම් මුණ ගැසුණු ඔහු, ඔහුට ආශිර්වාද කළේ ය. 2ආබ්‍රහම්, තමන් වෙත වූ හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. පළමු ව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය. 3පියකු, මවක හෝ පෙළපත් වංශයකින් තොර, දින වකවානු පටන් ගැන්මක්, ජීවිතයේ අවසානයක් නොමැති ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන සදාතන පූජකයකු ව පැවත සිටී.
4මේ මිනිසා කෙතරම් ශ්‍රේෂ්ඨයකු විය යුතුදැයි සිතා බලන්න. ආදි පිය ආබ්‍රහම් පවා, කොල්ලයෙන් ගත් දෙයින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. 5තමන්ගේ සහෝදරයින් වූ සෙසු ජනයා ද ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් වුව ද, ඔවුන්ගෙන් දසයෙන් කොටසක් ලැබීමට ලෙවීගෙන් පැවත එන, පූජකත්වය ලැබූවන්ට ව්‍යවස්ථාවෙන් නියමිත ය. 6එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නකු නො වූ මේ මිනිසා, ආබ්‍රහම්ගෙන් දසයෙන් කොටස පිළිගෙන, පොරොන්දු ලද තැනැත්තා වූ ඔහුට ආශිර්වාද කළේ ය. 7උසස් තැනැත්තා වෙතින් පහත් තැනැත්තා ආශිර්වාද ලබන වග විවාදයෙන් තොර ය. 8එහිදී දසයෙන් කොටස් පිළිගන්නේ මැරෙන සුළු මිනිසුන් ය; මෙහිදී ජීවත් වන්නේ යයි සාක්ෂි ලැබූ කෙනෙකි. 9දසයෙන් කොටස් ලබන්නා වූ ලෙවී පවා ආබ්‍රහම් තුළින් දසයෙන් කොටස ගෙවීයැයි කෙනකු කිව හැකි ය. 10මන්ද මෙල්කිසදෙක් ආබ්‍රහම් හමුව වන කල්හි ලෙවී, තම ආදි පියාගේ සිරුර තුළ සිටියේ ය.
පැරණි පූජකත්වය සහ මෙල්කිසදෙක්
11ලෙවීය පූජකත්වය මගින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා ව්‍යවස්ථාව ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද? 12මන්ද පූජකත්වයේ වෙනසක් වන කල, ව්‍යවස්ථාවේ ද වෙනසක් සිදුවීම යුතු ව ඇත. 13මේ දෑ පැවසුණේ යම් කෙනකු ගැන ද, ඒ තැනැත්තාණන් අයිති වෙනත් ගෝත්‍රයකට ය. එම ගෝත්‍රයේ කිසිවකු පූජාසනයේ මෙහෙවර කර නැත. 14මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළ ව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත. 15අප කී දෑ වඩාත් පැහැදිලි වන්නේ මෙල්කිසදෙක් හා සමාන වෙනත් පූජකයකු, 16එනම්, ශාරීරික පෙළපත්වලට අදාළ නීතිමය නියමයන් පදනම් කොට නො ව, විනාශ කරන්නට බැරි ජීවිතයක බලය මගින් පූජකවරයට පත් වූ කෙනකු නැගුටුණු කල්හි ය. 17මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්:
“මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව,
ඔබ සදහට ම පූජකයෙක් ය”#7:17 ගීතා 110;4 යන්නයි.
18අනෙක් අතට, පැරණි ආඥාව එහි දුබලතා හා නිෂ්ඵලතා හේතු කොට ඉවතලනු ලැබ ඇත. 19(මන්ද ව්‍යවස්ථාව කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.
20එය දිවුරුමකින් තොර ව නො වේ; මන්ද කලින් පූජකයින් පත් වූයේ දිවුරුමකින් තොර ව ය. 21එහෙත් මෙතුමාණන් පූජකයකු කරනු ලැබ ඇත්තේ මෙලෙස පැවසූ තැනැන්වහන්සේගේ දිවුරුමකිනි:
“ස්වාමින්වහන්සේ දිවුළ සේක;
ස්වකීය සිත වෙනස් නො කරන සේක:
‘ඔබ සදහට ම පූජකයෙක් ය.’ ”#7:21 ගීතා 110;4
22මෙමඟින් යේසුස්වහන්සේ වඩා හොඳ ගිවිසුමක ඇපකරුවාණන් ව සිටින සේක.
23දිගට ම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ. 24එහෙත් මුන්වහන්සේ සදහට ම පැවත සිටින බැවින්, උන්වහන්සේ උසුලන පූජක පදවිය ද නිත්‍ය ය. 25එබැවින්, උන්වහන්සේ මගින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනික ව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳ ව ම ජීවත් වන සේක.
26සැබවින් ම අපට ගැළපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි. 27ඒ උදෙසා එක ම වරක් උන්වහන්සේ තමන් ම පූජා වූ බැවින්, සෙසු උත්තම පූජකයින් මෙන්, පළමු ව තමන්ගේ පාප උදෙසාත්, ඉන්පසු ජනතාවගේ පාප උදෙසාත් දිනපතා යාග පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් උන්වහන්සේට නැත. 28මන්ද ව්‍යවස්ථාව, දුබලතා ඇති මිනිසුන් උත්තම පූජක නිලයට පත් කරන්නේ ය. එහෙත් ව්‍යවස්ථාවට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදාතන පරිපූර්ණත්වයෙන් යුතු පුත්‍රයාණන් පත් කර ඇත.
Currently Selected:
හෙබ්‍රෙව් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: