YouVersion Logo
Search Icon

එස්තර් 2:21-23

එස්තර් 2:21-23 SCV

මොර්දෙකයි රජ වාසල හිඳ සිටි දවස්හි වාසල්-කඩ රැකවල් කළ රජුගේ නපුංසක නිලධාරීන් වූ බිග්තාන් හා තෙරෙෂ් උදහස් වී, අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කුමන්ත්‍රණ කළහ. එහෙත් මෙම කුමන්ත්‍රණය දැනගත් මොර්දෙකයි, එස්තර් බිසවට ඒ වග දැනුම් දුන්නේ ය. මේ වග දැන්වූයේ මොර්දෙකයි වග ඈ, රජුට දැනුම් දුන්නා ය. මෙම තොරතුර විභාග කළ කල්හි, එය සත්‍යයක් බැව් සොයා ගන්නා ලදින්, එම නිලධාරීන් දෙදෙනා පෝරකයේ එල්ලා මරන ලදහ. මේ සියලු කරුණු රාජ්‍ය-තොරතුරු ඉතිහාස පොතේ, රජු ඉදිරියේ සටහන් කරන ලදී.