දේශනාකරු 5:1-3
දේශනාකරු 5:1-3 SCV
දෙවියන්වහන්සේගේ ගෘහයට යන කල සාවධාන ව කටයුතු කරන්න. තමන් කරන්නේ වරදක් වග නො දැන ඔප්පු කරන අඥානයින්ගේ යාග පූජාවකට වඩා සවන් දීමට ළඟාවීම හොඳ ය. කතා කරන්නට ඉක්මන් නො වන්න, දෙවියන්වහන්සේ ඉදිරියේ යමක් කීමට ඔබේ හදින් කඩිනම් නො වන්න. දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; ඔබ පොළොවේ ය; එබැවින් ඔබේ වචන ස්වල්ප වේවා! වැඩ කටයුතු අධික වූ කල සිහින පෙනෙන්නා සේ අඥානයාගේ හඬ වචන රාශියකින් යුක්ත ය.





