දේශනාකරු 10
10
1මළ මැස්සන් සුවඳ විලවුන් ගඳ ගස්වයි,
එසේ ම පුංචි මෝඩකමක් ප්‍රඥාව හා ගෞරවයට වඩා බලපෑමක් ඇති කරයි.
2ප්‍රඥාවන්තයාගේ හදවත දකුණට නැඹුරු වෙයි;
එහෙත් අඥානයාගේ හදවත නැඹුරු වන්නේ වමට ය.
3අඥානයා පාරේ යන විට පවා
ඔහුට හරි වැටහීමක් නැත;
තමාගේ මෝඩකම ඔහු හැමෝට ම පෙන්නුම් කරයි.
4පාලකයකුගේ කෝපය ඔබට එරෙහිව ඇවුළුණු විටෙක,
ඔබේ ස්ථානයෙන් බැහැර නො වන්න;
මන්ද මහා වැරදි සංසිඳවන්නට සන්සුන් භාවයට හැකි වෙයි.
5හිරු යට මා දැක ඇති නපුරක් ඇත,
එය පාලකයකු අතින් සිදුවන අන්දමේ වරදකි:
6සම්පත් ඇත්තන් පහත් තැන් දරා සිටියදී,
අඥානයෝ නොයෙකුත් උසස් තනතුරුවලට පත් ව සිටිති.
7රජ කුමරුන් දාසයින් මෙන් පයින් ගමන් කරද්දී,
දාසයින් අශ්වයින් පිට නැගී යනවා මා දැක ඇත.
8වළක් හාරන්නා ඒ තුළට ම වැටේ;
තාප්පයක් බිඳගෙන ඇතුල් වන්නාට සර්පයෙක් දෂ්ට කරයි.
9ගල් වළක වැඩකරන්නාට එයින් තුවාල වෙයි;
දැව කඳන් පලන්නා එයින් අනතුරට පත් වෙයි.
10පොරොවක් මොට ව,
එහි මුවහත තියුණු නො වූ කල,
වැඩි ශක්තියක් යෙදවිය යුතු වේ,
එහෙත් ප්‍රඥාව සාර්ථකත්වය ගෙන ඒ.
11දැපනෙ දාගන්නට කලින් සර්පයා දෂ්ට කළහොත්,
දැපනෙකරුට අත්වන වාසියක් නැත.
12ප්‍රඥාවන්තයකුගේ මුවින් එන වචන කාරුණික ය,
එහෙත් තමාගේ ම තොල්වලින් අඥානයා වනසා ගනී.
13පටන් ගැන්මේදී ඔහුගේ වදන් අඥාන ය;
අවසානයේදී ඒවා දුෂ්ට උමතුවකි;
14අඥානයාගේ වචන වැල නො කැඩී දෙඩවේ.
කුමක් සිදු වන්නේ දැයි කිසිවකු නො දනී;
ඔහුගෙන් පසු සිදු වන්නේ මොනවාදැයි ඔහුට කියන්නට කාට පුළුවන් ද?
15අඥානයාගේ කාරිය ඔහුට ම වෙහෙසකි;
නගරයට යන මාර්ගය ද ඔහු දන්නේ නැත.
16කුඩා දරුවකු රජ ව සිටින්නා වූ ද
දේශාධිපතීන් උදයෙන් ම සාද පවත්වන්නා වූ ද එම්බා දේශය, නුඹට දුක් පැමිණේ.
17උදාර ජන්මයක් ඇති අයකු රජ ව සිටින කල,
දේශාධිපතීන් බේබදුකමට නො ව ශක්තිය සඳහා
කලට වෙලාවට අහර ගන්නා කල එම්බා දේශය, නුඹ භාග්‍යවත් ය.
18මිනිසකු කම්මැලි වූ කල, ගෙයි වහල දිරා වැටේ;
ඔහුගේ දෑත අලස වූ කල, ගේ පුරා ජලය කාන්දු වේ.
19භෝජන සංග්‍රහ ප්‍රීති සිනා සඳහා ය;
මිදි යුෂ ජීවිතයේ ප්‍රමෝදය සඳහා ය;
එහෙත් හැම දේට ම පිළිතුර මිල මුදල් ය.
20ඔබේ සිතිවිල්ලෙන්වත් රජුට පරිභව නො කරන්න;
ඔබේ නිදන කාමරයේදී ධනවතුන්ට ශාප නො කරන්න;
මන්ද අහස් කුරුල්ලකු ඔබගේ වචන රැගෙන යනු ඇත;
පියාඹන කුරුල්ලකු ඔබ කී දෑ දැනුම් දෙනු ඇත.
Currently Selected:
දේශනාකරු 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.