දේශනාකරු 1
1
සියල්ල ම නිරර්ථක ය
1දාවිත්ගේ පුත්‍රයා වන යෙරුසලමේ රජු වූ දේශනාකරුගේ වචන:
2“නිරර්ථක ය! නිරර්ථක ය!
මුළුමනින් ම නිරර්ථක ය!
හැම දෙයක් ම නිරර්ථක යැ” යි
දේශනාකරු පවසයි.
3හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන්
මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද?
4පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි.
එහෙත් පොළොව සදහට ම පවතී.
5හිරු නැග එයි; හිරු බැස යයි;
කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි.
6සුළඟ දකුණු දෙසට හමයි;
එය වටේට උතුරට යයි;
සුළඟ වටයෙන් වටයට හමා යමින්,
සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි.
7සියලු ගංගා සයුරට ගලයි;
එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත;
ගංගා ඒවා පටන් ගත් තැනට ම
ආපසු එයි.
8කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම්
හැම දෙයක් ම වෙහෙසකර ය;
දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ;
ඇසීමෙන් කන ද නො පිරේ.
9කලින් තිබූ දේ, යළි ඇති වේ;
පෙර කළ දෑ, යළි කරනු ලැබේ;
අහසින් යට කිසිවක් අලුත් නැත.
10“මෙන්න! මේක අලුත් දෙයක්” ය
කියා කීමට හැකි කිසිවක් තියේ ද?
බොහෝ ඉහතදී එය මෙහි තිබිණ;
අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත.
11පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත;
තවමත් එන්නට සිටින්නවුන් ගැන ද
ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින්
සිහි නො කරනු ඇත.
ප්‍රඥාවේ නිරර්ථකත්වය
12දේශනාකරු වන මම යෙරුසලමේ ඉශ්‍රායෙල් රජු වශයෙන් සිටියෙමි. 13අහසින් යට කෙරෙන හැම දෙයක් ම ප්‍රඥාවෙන් විමසා, හැදෑරීමට මම කැපවුණෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් පිට පටවා ඇත්තේ මොන තරම් බැරි බරක් ද! 14හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
15වකගැසුණු දෑ කෙළින් කළ නො හැක;
නැති දෑ ගණන් කළ නො හැක.
16“මෙන්න, මට කලින් යෙරුසලම පාලනය කළ කවරකුටත් වඩා මම මහා ප්‍රඥාවක් අත්කර ගෙන, එය වඩවා ගතිමි; ප්‍රඥාවේ හා අවබෝධයේ අපමණ අත්දැකීම් මට ඇත්තේ යැ” යි මම මගේ හද තුළ කියා ගතිමි. 17ඉන්පසු මම ප්‍රඥාවේ අවබෝධය ද මෝහය හා අඥානකම ද දැනගැනීමට සිත් යොමු කළෙමි; එයින් මා වටහා ගත්තේ මෙය ද සුළඟ අල්ලන්නට හඹා යෑමක් බව ය.
18මන්ද ප්‍රඥාව වැඩිවත් ම දුක ද වැඩි වේ;
අවබෝධය වැඩිවත් ම ශෝකය ද වැඩි වේ.
Currently Selected:
දේශනාකරු 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.