YouVersion Logo
Search Icon

දේශනාකරු 1:7-9

දේශනාකරු 1:7-9 SCV

සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි. කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ. කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත.