ද්විතීය 3
3
බාෂාන්හි රජ ඕග් පැරදවීම
1ඊළඟට අපි බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළෙමු. බාෂාන්හි රජු වූ ඕග් ඔහුගේ මුළු හමුදාව ද කැටිව, එද්රෙයිහි දී අප හා යුධ වැදීමට අප හමුවට පෙරට ආවේ ය. 2ස්වාමින්වහන්සේ එවිට මා ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. මන්ද ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක.
3මෙසේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද අපේ අත්වලට බාර දුන් සේක. ඔවුන් ගසා හෙළූ අපි, ඒ එකකුදු ඉතිරි නො කළෙමු. 4එකල ඔහුගේ පුරවර සියල්ල අපි අල්ලා ගත්තෙමු. බාෂාන්හි ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ් පළාතේ වූ පුරවර හැටෙන් එකකුදු නෑර අපි අල්ලා ගතිමු. 5එම පුරවර හැම එකක් ම උස් පවුරු, දොරටු හා අගුළු සහිත ආරක්ෂිත ඒවා විය. ඒ හැර පවුරුවලින් තොර ගම්මාන මහත් ගණනාවක් ද විය. 6පුරුෂයින් ද ස්ත්රීන් ද ළමයින් ද ඇතුළු ව ඒ හැම පුරවරයක් ම අප මුළුමනින් ම විනාශ කර දැමුවේ හෙෂ්බෝන්හි රජු වූ සීහොන් අප විසින් මුළුමනින් විනාශ කළ පරිද්දෙනි#3:6 මුළුමනින් විනාශ කළ පරිද්දෙනි එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම. 7එහෙත් ගව, එළු, බැටළු ආදී ඇති කරන සියලු සතුන් හා ඒ නගරවලින් පැහැර ගත් කොල්ලය ද අපි ගෙන ගියෙමු.
8මෙසේ අපි එකල අමෝරි ජාතික එම රජුන් දෙදෙනා වෙතින් අර්ණොන් දොරුවේ සිට හෙර්මොන් කන්ද දක්වා වූ නැගෙනහිර යොර්දාන් පෙදෙස අල්ලා ගතිමු. 9(සීදොන්වරුන් හෙර්මොන් කන්ද හැඳින්වූයේ සිරියොන් නමිනි. අමෝරිවරුන් එය හැඳින්වූයේ සෙනීර් නමිනි.) 10උස් සමභූමියේ වූ නගර සියල්ල ද මුළු ගිලියාද් පෙදෙස ද බාෂාන්හි ඕග්ගේ රාජධානියේ නගර වන සලෙකා හා එද්රෙයි දක්වා වූ මුළු බාෂාන් පෙදෙස ද අපි අල්ලා ගතිමු. 11(රෙෆායිවරුන් ටික දෙනා අතරින් ඒ වන විට ජීවත් ව සිටියේ බාෂාන් රජු වූ ඕග් පමණි. යකඩින් සැදුම් ලද ඔහුගේ යහන, මෙන්න! දිගින් නව රියනකි. පළලින් සිවු රියනකි. එය අම්මොන්වරුන්ගේ රබ්බාහි තවමත් තිබෙනවා නො වේ ද?)
දේශය බෙදීම
12එකල අප අල්ලා ගත් ඒ දේශයේ ගිලියාද් කඳුකරයෙන් අඩක් හා එහි නගර ඇතුළු අර්ණොන් දොරුව අසබඩ අරෝයෙර් සිට උතුරු පළාත, මම රූබෙන් ගෝත්රයට හා ගාද් ගෝත්රයට දුනිමි. 13ගිලියාද්හි ඉතිරි පෙදෙස සහ ඕග්ගේ රාජධානිය වූ මුළු බාෂාන් පළාත, මම මනස්සේ ගෝත්රයේ අඩකට දුනිමි. (බාෂාන්හි මුළු අර්ගොබ් පළාත ම හැඳින්වුණේ රෙෆායිවරුන්ගේ දේශය නමිනි. 14මනස්සේ පරපුරේ යායීර්, ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමා දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලා ගත්තේ ය. ඔහු ඊට තමාගේ නම තැබූවෙන්, අද දවස දක්වාත් බාෂාන් පළාත හැඳින්වෙන්නේ හව්වොත්-යායීර් යන නමිනි.) 15ගිලියාද් පළාත, මම මාකීර්ට දුනිමි. 16රූබෙන්වරුනට හා ගාද්වරුනට ගිලියාද් සිට දකුණු දේශ සීමාවේ අර්ණොන් දොරුවේ මැද දක්වා ද නැගෙනහිර දෙසින් යබ්බොක් ගංගාව තෙක් වූ අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා ද දිවෙන ප්රදේශ දුනිමි. 17එහි බටහිර සීමාව වූයේ, කින්නෙරෙත් සිට පිස්ගා කඳු බෑවුම පහළින් වූ අරාබා මුහුද (මළ මුහුද#3:17 මළ මුහුද එනම් ලුණු මුහුද) තෙක් වූ අරාබාහි යොර්දානයයි.
18එකල මම ඔබට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇත්තේ, එය අත්කර ගන්නටයි. ඔබ අතර යුද්ධයට සන්නද්ධ රණශූර මිනිසුන් ඔබගේ සහෝදර සෙසු ඉශ්රායෙල්වරුනට පෙරටුව යොර්දානෙන් එතෙරට යා යුතුයි. 19එසේ වුව ද ඔබේ භාර්යාවන්, ඔබේ බාලයින් හා ඇති කරන ඔබේ සත්ව රංචුවලට (බොහෝ වූ සත්ව සම්පතක් ඔබට සිටින වග දනිමි) මා ඔබට පවරා දුන් නගරවල නතර විය හැකියි. 20ස්වාමින්වහන්සේ ඔබට සේ ම, ඔබේ සහෝදර ජනයාට විවේකය ලබා දී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යොර්දානෙන් එතෙර ඔවුනට දෙන දේශය ඔවුන් අත්පත් කර ගන්නා තෙක්, එසේ විය යුතුයි. ඉන්පසු මා ඔබට දුන් මේ ඉඩකඩම්වලට ඔබට ආපසු ආ හැකි යැ” යි කීවෙමි.
මෝසෙස්ට තහනමක්
21ඒ අවස්ථාවේ මා යෝෂුවාට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියලු දේ ඔබේ ම දෑසින් ඔබ දුටුවා. එතෙර ඔබ යන සියලු රාජධානිවලට ද ස්වාමින්වහන්සේ ඒ දේ ම කරනවා ඇත. 22ඔවුනට භය වන්න එපා. මන්ද ඔබ උදෙසා සටන් වදින්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි දැනුම් දුන්නා.
23ඒ අවස්ථාවේ මා ස්වාමින්වහන්සේට කන්නලව් කරමින්, 24“අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබේ උත්තම භාවය හා ඔබේ බලවත් හස්තය, ඔබ ඔබගේ සේවකයාට පෙන්වීමට පටන් ගත් සේක. ඔබ කරන ක්රියා හා වික්රම කරන්නට සමත් අන් දෙවි කෙනකු ස්වර්ගයේ හෝ පොළොවේ හෝ වේ ද? 25යොර්දානෙන් එහා පිහිටි ඒ අපූරු දේශය, ඒ අපූරු කඳුකරය හා ලෙබනොන් දැක ගන්නට අනේ මට ඉඩ දුන මැනව” යි ඉල්ලා සිටියා.
26එහෙත් නුඹලා නිසා මා සමඟ කෝප ව සිටි ස්වාමින්වහන්සේ මට සවන් දීමට අකමැති ව, “ඇති, ඇති! මේ කාරණය ගැන තවත් කතා නො කරන්න; 27පිස්ගා කඳු මුදුනට නැග, බටහිර හා උතුර ද දකුණ හා නැගෙනහිර ද දෙස සිසාරා බලන්න; යොර්දාන් එතෙරට ඔබ නො යන නිසා, ඒ දේශය ඔබේ දෑසින් දැක බලා ගන්න. 28කෙසේ වෙතත්, යෝෂුවාට බලය පවරා, ඔහු ධෛර්යවත් කරන්න; ඔහු ශක්තිමත් කරන්න. මන්ද එගොඩට යෑමට මේ ජනතාවට නායකත්වය දෙනු ඇත්තේ ඔහු ය. ඔබ දකින ඒ දේශය ඔවුනට උරුම කර ගන්නට ඔහු ක්රියා කරනු ඇතැ” යි කී සේක. 29එබැවින් අපි බෙත්-පෙයෝර් අසල මිටියාවතේ නතර ව සිටියෙමු.
Currently Selected:
ද්විතීය 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: