ද්විතීය 2
2
කාන්තාර ගමන
1එබැවින් අපි, ස්වාමින්වහන්සේ මට පැවසූ පරිදි, රතු මුහුද තෙක් දිවෙන මාර්ගය ඔස්සේ පාළුකරය දෙසට පිටත්වීමු. සේයිර් කඳුකරය වටා දිගු කලක් ම ගමන් කරන්නට අපට සිදු වුණා.
2ඉන්පසු ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්; 3“මේ කඳුකරය වටා ඔබ ගමන් කළ කාලය හොඳට ම ඇති. දැන් උතුරු දෙසට හැරෙන්න. 4ජනතාවට මෙසේ අණ කරන්න: ‘සේයිර්හි පදිංචි ව සිටින, ඒසව්ගෙන් පැවත එන, ඔබේ සහෝදරයින්ගේ බල ප්‍රදේශය හරහා යෑමට ඔබ දැන් ළඟයි. ඔවුන් ඔබට භය වනු ඇත. එහෙත් වඩා පරෙස්සම් වන්න. 5ඔබ, ඔවුන් සටනට පොලඹවා නො ගත යුතුයි. මන්ද සේයිර් කඳුරට මම ඒසව්ට අයිතියක් කොට පවරා දී ඇත්තෙමි. එබැවින් ඔවුන්ගේ ඒ දේශයෙන් කිසි බිම් කොටසක්, ඔබේ පය තැබීමට පමණ එක බිම් අඟලක්වත් මා ඔබට දෙන්නේ නැත. 6එහිදී ඔබ කෑමට ගන්නා ආහාර සඳහා ද ඔබ පානය කරන ජලය සඳහා ද ඔබ මුදල් ගෙවිය යුතුයි.’ ”
7ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබගේ අත්වල හැම වැඩකදී ම ඔබට ආශිර්වාද කළ සේක. මේ මහා පාළුකරය ඔස්සේ ඔබ ආ ගමනේදී, උන්වහන්සේ ඔබ රැකබලාගත් සේක. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ හතළිස් අවුරුද්ද පුරා ම ඔබ සමඟ සිටි නිසා, කිසි දේකින් ඔබට හිඟයක් වුණේ නැත.
8මෙසේ අපි සේයිර් වාසීන් වන ඒසව්ගෙන් පැවත එන අපේ සහෝදරයින් පසු කොට ගියෙමු. ඒලත් හා එසියොන්-ගෙබෙර් සිට දිවෙන අරාබා මාවතෙන් හැරුණු අපි මෝවබ් කාන්තාර මාවත ඔස්සේ ගමන් ගත්තෙමු.
9එකල ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “මෝවබ්වරුනට හිරිහැර කිරීම හෝ යුද්ධයට ඔවුන් පොලඹවා ගැනීම හෝ නො කරන්න. මන්ද ඔවුන්ගේ දේශයෙන් කිසිදු කොටසක් මා ඔබගේ අයිතියට දෙන්නේ නැත. ආර් පෙදෙස මම ලොත්ගෙන් පැවතෙන්නන්ට උරුමයක් කොට දී ඇත්තෙමි.” යි පැවසූ සේක.
10(කලක් එහි විසූවෝ ගණනින් බොහෝ වූත්, බලවත් වූත්, අනාක්වරුන් මෙන් උස වූත් ජනතාවක් වන ඒමිවරු ය. 11අනාක්වරුන් මෙන් ඔවුන් ද රෙෆායිවරුන් සේ සැලකේ. එහෙත් මෝවබ්වරුන් ඔවුන් හැඳින්වූයේ ඒමිවරුන් යන්නෙනි. 12සේයිර්හි විසූවෝ, හෝරීවරු ය. ඒසව්ගෙන් පැවතෙන්නන් ඔවුන් පලවා හැර, තමන් වෙතින් හෝරීවරුන් වනසා දමා, ඔවුන් සතු ව පැවති පෙදෙසෙහි පදිංචි වූයේ, ස්වාමින්වහන්සේ තමනට උරුමයක් කොට දුන් දේශයෙහි ඉශ්රායෙල්වරුන් කළ පරිද්දෙනි.)
13 ස්වාමින්වහන්සේ අප අමතමින්, “දැන් ඉදිරියට ගොස්, සෙරෙද් නිම්නය තරණය කරන්නැ” යි කී සේක. එබැවින් අපි එම නිම්නයෙන් එතෙර වීමු.
14අප කාදෙෂ්-බර්නේය වෙතින් පිටත් වූ දා සිට සෙරෙද් නිම්නයෙන් එතෙර වූ දා දක්වා ගත වූ කාලය තිස්අට වසරකි. සටනට ගිය හැකි ව සිටි මිනිසුන්ගේ මුළු පරම්පරාව ඒ වන විට ඉශ්රායෙල් කඳවුර වෙතින් වැනසී ගොස් තිබුණේ, ස්වාමින්වහන්සේ ඔවුන් ගැන දිවුරා තිබූ අයුරින් ම ය. 15ඉශ්රායෙල් කඳවුරෙන් ඔවුන් සහමුලින් ම සුන් කර දමන තෙක්, ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුනට එරෙහිව තිබිණ.
16මෙසේ එම පරපුරේ සටන් වැදිය හැකි මිනිසුන්ගේ අන්තිමයාත් ජනයා අතරෙන් මියැදී ගිය පසු, 17ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, 18“අද ඔබ ආර්හි මෝවබ් ප්‍රදේශය පසු කොට යා යුතුයි. 19අම්මොන්වරුන් වෙත ඔබ පැමිණි කල, ඔවුනට හිරිහැර නො කරන්න. මන්ද අම්මොන්වරුන්ට අයත් දේශයෙන් මා ඔබට කිසි උරුමයක් දෙන්නේ නැත. ඒ දේශය මම ලොත්ගෙන් පැවතෙන්නන්ට උරුමයක් කොට දී ඇත්තෙමි” යි කී සේක.
20(එය ද රෙෆායිවරුන්ගේ දේශයක් වශයෙන් සැලකුනේ ඔවුන් එහි වාසය කොට තිබූ බැවිනි. එහෙත් අම්මොන්වරුන් ඔවුන් හැඳින්වූයේ සම්සුම්මිවරුන් නමිනි. 21අනාක්වරුන් මෙන් උස මිනිසුන් වූ ඔවුහු ගණනින් අධික බලවත් ජනතාවක් වූහ. ස්වාමින්වහන්සේ අම්මොන්වරුන් ඉදිරියෙහි ඔවුන් වනසා දැමූ සේක. අම්මොන්වරු ඔවුන් පලවා හැර, ඔවුන්ගේ පෙදෙසේ පදිංචි වූහ. 22සේයිර්වාසී ඒසව්ගෙන් පැවතෙන්නන් උදෙසා ද ස්වාමින්වහන්සේ ඒ දේ ම කර තිබිණි. ස්වාමින්වහන්සේ ඔවුන් ඉදිරියෙන් හෝරීවරුන් වනසා දැමූ සේක. හෝරීවරුන් පලවා හළ ඔවුහු, අද දක්වාත් එපෙදෙසේ පදිංචි ව සිටිති. 23කෆ්තෝර්#2:23 කෆ්තෝර් එනම් ක්‍රීට් දූපත විය හැක. වෙතින් පැමිණි කෆ්තොර්වරු එකල ගාසා දක්වා වූ ගම් දනවුවල විසූ අව්විවරුන් වනසා ඔවුන්ගේ පෙදෙස්හි පදිංචි වූහ.)
හෙෂ්බෝන්හි රජ සීහොන් පැරදවීම
24 ස්වාමින්වහන්සේ ඉන්පසු, “දැන් අර්ණොන් දොරුවෙන්#2:24 දොරුවෙන් එනම් සෘජු බෑවුම් දෙකක් අතර නිම්නය එතෙර වන්න; ඔන්න, හෙෂ්බෝන්හි රජු වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම ඔබේ අතට දී ඇත්තෙමි. එය අත්කර ගැනීම අරඹමින්, ඔහු හා සටන් වදින්න. 25අද දවසේ පටන් මම අහසින් යට වෙසෙන සියලු ජාතීන් ඔබ නිසා තැති ගැන්වීමටත්, භීතියට පත් කිරීමටත් පටන් ගනිමි. ඔබ ගැන අසන්නට ලැබෙන පුවත් නිසා ඔවුන් බියෙන් වෙවුලමින්, ඔබ නිසා කැලඹෙනු ඇතැ” යි කී සේක.
26එවිට මම කෙදේමොත් කාන්තාරයේ සිට හෙෂ්බෝන්හි රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් මගින් සාමය පිළිගන්වා, මෙසේ කියා යැවීමි. 27“ඔබේ රට හරහා යෑමට අපට ඉඩ දෙන්න. අප ගමන් කරන්නේ ප්‍රධාන පාරේ පමණයි. එයින් වමට හෝ දකුණට හෝ හැරෙන්නේ නැත; 28කෑමට අහරත්, බීමට ජලයත් ඒවායේ නිසි මිලට අපට විකුණන්න. පා ගමනින් රට මැදින් යන්නට පමණක් ඉඩ දෙන්න. 29සේයිර්හි වෙසෙන ඒසව්ගෙන් පැවත එන්නන් ද ආර්හි වෙසෙන මෝවබ්වරුන් ද කළේ එලෙසයි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන දේශයට යෑමට යොර්දාන් ගඟින් එතෙර වන තෙක්, අපි එසේ යන්නෙමු” යි දැන්වීමි. 30එහෙත් හෙෂ්බෝන්හි රජු වූ සීහොන් තම රට මැදින් අපට යන්නට දීම ප්‍රතික්ෂේප කළේ ය. එසේ වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දැන් මේ කර තිබෙන පරිදි, ඔබේ අත්වලට ඔහු යටත් කර දෙන පිණිස, ඔහුගේ සිත දැඩි කොට, ඔහුගේ හද මුරණ්ඩු කර තිබූ බැවිනි.
31එවිට ස්වාමින්වහන්සේ මා අමතමින්, “මෙන්න! සීහොන් සහ ඔහුගේ රට මම ඔබට දීමට පටන් ගතිමි. දැන් ඔහුගේ දේශය යටත් කර ගනිමින්, එය අත්කර ගැනීම පටන් ගන්නැ” යි පැවසූ සේක.
32පසුව සීහොන් ද ඔහුගේ මුළු හමුදාව ද යහස් වෙත ළඟා වී, අප හා සටනට ආ කල, 33අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ඔහු යටත් කර දුන් සේක. අප ඔහු ගසා හෙළා දැමුවේ ඔහුගේ පුතුන් ද ඔහුගේ මුළු හමුදාව ද සමඟිනි. 34අප එකල ඔහුගේ නගර සියල්ල අල්ලාගෙන, ස්ත්‍රීන් හා පුරුෂයින් ද දරුවන් ද මුළුමනින් ම විනාශ කර දැමුවේ#2:34 මුළුමනින් ම විනාශ කර දැමුවේ එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම කිසිවකුදු ඉතිරි නො කරමිනි. 35එහෙත් ගව, එළු, බැටළු යන ඇති කරන සතුන් ද අප අල්ලා ගත් නගරවලින් අප පැහැර ගත් කොල්ලය ද අපි ගෙන ගියෙමු. 36අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් ගිලියාද් දක්වා අපට අසීරු වූ එක ම නගරයක් හෝ නො වී ය. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ හැම නගරයක් ම අපට යටත් කර දුන් සේක. 37එහෙත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණ පරිද්දෙන් අම්මොන්වරුන් සතු දේශයෙන් කොටසක්වත්, යබ්බොක් නදිය පසෙක වූ පෙදෙසේ හෝ කඳුකරය වටා වූ නගරයක් වත් ඔබ අල්ලා ගත්තේ නැත.
Currently Selected:
ද්විතීය 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: