ද්විතීය 1
1
හොරේබ් සිට පිටත්වීමට අණ
1යොර්දානයට නැගෙනහිරින් වූ පාළුකරයේදී මෝසෙස් මුළු මහත් ඉශ්රායෙල් ජනයාට පැවසූ වදන් මෙසේ වෙයි: ඔහු මෙවදන් පැවසුවේ පසෙකින් පාරාන් ද අනෙක් පසින් තොෆෙල්, ලාබාන්, හසේරොත් හා දීසාහාබ් යන පුරවර ද අතරේ, සූෆ් ඉදිරිපිට අරාබා නිම්නයේදී ය. 2සේයිර් කඳුකර මාවත ඔස්සේ හොරේබ්හි සිට කාදෙෂ්-බර්නේය වෙත යෑමට දවස් එකොළහක් ගත වේ.
3හතළිස් වන වසරේ එකොළොස් වන මස, පළමු දින මෝසෙස්, ජනයා සම්බන්ධ ව ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ දෑ, ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කළේ ය. 4එසේ කළේ, හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද අෂ්තාරෝත්හි රජකම් කළ බාෂාන්හි රජු වූ ඕග් ද එද්රෙයිහි දී මෝසෙස් විසින් පරදවනු ලැබීමෙන් පසුව ය.
5යොර්දානයට නැගෙනහිරින් වූ මෝවබ් අඩවියේදී මෝසෙස් මෙසේ කියමින්, මෙම නීතිය පැහැදිලි කරන්නට වන්නේ ය:
6අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හොරේබ්හි දී අප ඇමතූ සේක්, “ඔබ මේ කන්දේ නැවතී සිටියා දැන් හොඳට ම ඇති. 7කඳවුර ගලවා, අමෝරිවරුන්ගේ කඳුකරයට ගමන් අරඹන්න. අරාබා නිම්නයෙහි ද කඳුකරයෙහි ද බටහිර කඳු බෑවුම්හි#1:7 බටහිර කඳු බෑවුම්හි හෙබ්‍රෙව් ෂෙෆේලා ද නෙගෙබ්හි#1:7 නෙගෙබ්හි එනම් දකුණු දිශාවෙහි ද මුහුදුකරය ඔස්සේ ද වෙසෙන සියලු අසල්වැසි ජනයා වෙත, එනම් කානානිවරුන්ගේ දේශයට හා ලෙබනොන්ට ද යුප්‍රටීස්#1:7 යුප්‍රටීස් හෙවත් පෙරාත් මහ ගංගාව ද දක්වා යන්න. 8මෙන්න! මේ දේශය මම ඔබට දී ඇත්තෙමි. යන්න; එහි ඇතුල් ව, ඔබේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද ඔවුන්ගෙන් පසුව, ඔවුන්ගෙන් පැවත එන්නන්ට ද දෙන්නට ස්වාමින්වහන්සේ දිවුරා, පොරොන්දු වූ දේශය අත්පත් කර ගන්නැ” යි පැවසූ සේක.
නායකයින් පත් කිරීම
9ඒ අවස්ථාවේ මා ඔබට කතා කොට, “තනි මට, ඔබ දරන්නට බැරි තරම් මහත් බරක්. 10ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ දවස වන විට ඔබ ගණනින් අධික කර ඇත්තේ, අහසේ තරු වගෙයි. 11ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පොරොන්දු වී ඇති සේ, මේ වගේ දහස් වාරයක් ඔබ වැඩි වන්නට සලසා, ඔබට ආශිර්වාද කරන සේක්වා! 12එහෙත් ඔබ අතරේ වන ප්‍රශ්න ගැටලු හා වාද විවාදවල සියලු බර තනි මා කෙලෙස දරන්න ද? 13එබැවින් ඔබ අතරේ හැම ගෝත්‍ර වංශයකින් ම ප්‍රඥාවත්, දැනුම් තේරුම් ඇති, කෘතහස්ත මිනිසුන් කීප දෙනකු තෝරා ගන්න. ඔබේ නායකයින් කොට මම ඔවුන් පත් කරන්නෙමි” යි පැවසුවා.
14ඔබ ඊට පිළිතුරු දෙමින්, “කරන්නට ඔබ කළ යෝජනාව අගේ යැ” යි මා හා එකඟ වුණා.
15එබැවින් මා, ඔබේ ගෝත්‍ර වංශවලින් ඔබ ම තේරූ ප්‍රඥාවත්, කෘතහස්ත මිනිසුන් ඔබ අතරේ අධිපතීන් කොට පත් කළා. ඔවුන් පත් වූයේ දහසාධිපතීන්, ශතාධිපතීන්, පනසාධිපතීන් හා දසාධිපතීන් හා ගෝත්‍ර වංශ නිලධාරීන් යන වශයෙනි. 16මා ඒ අවස්ථාවේදී ම ඔබේ එම විනිසුරුවනට අණ කරමින්, “ඔබේ සහෝදර ජනතාව අතර වන නඩු හබ අසා, විමසා, ආරවුල ඇත්තේ සහෝදර ඉශ්රායෙල්වරුන් දෙදෙනකු අතරේ වුව ද, ඉශ්‍රායෙල්වරයකු හා විදෙස්සකු අතරේ වුව ද, සාධාරණ ව විනිශ්චය කරන්න; 17විනිශ්චයේදී පක්ෂග්රාහී නො වන්න; උසස් පහත් කවරකුට වුව එක සේ සවන් දෙන්න; කිසිවකුට බය නො වන්න; මන්ද විනිශ්චය දෙවියන්වහන්සේගේ ය. ඔබට අසීරු නඩුවක් වේ නම්, එය මා වෙත ඉදිරිපත් කරන්න; මම එය අසන්නෙමි” යි කීවා. 18තවද ඔබ කළ යුතු වූ හැම දෙයක් ගැන මා ඒ අවස්ථාවේ ඔබට පැවසුවා.
දේශය සෝදිසි කිරීම
19ඉන්පසු අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට නියෝග කළ පරිදි, හොරේබ් වෙතින් පිටත් ව, ඔබ දුටු ඒ මුළු රුදුරු මහ කතර මැදින් අමෝරිවරුන්ගේ කඳුරට දෙසට ගමන් කර, කාදෙෂ්-බර්නේය වෙත අප ළඟා වුණා. 20එකල මා ඔබ අමතා, “ඔබ දැන් පැමිණ සිටින්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳු රටටයි. 21මෙන්න, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දැන් මේ දේශය දී තිබෙන්නේ ඔබටයි. යන්න! ගොස්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කී පරිදි එය අත්පත් කර ගන්න. භය වන්න එපා; කැලඹෙන්න එපා” යි පැවසුවා.
22එවිට ඔබ සැවොම මා වෙත අවුත්, “අප වෙනුවෙන් දේශයේ ඔත්තු බලන්නට මිනිසුන් කීප දෙනකු යවමු; අප යා යුත්තේ කොයි පාරෙන් ද, කවර නගරවලට දැයි එවිට ඔවුන් අපට දන්වාවි” යි යෝජනා කළා.
23ඒ අදහස හොඳ වග මට ද පෙනී ගිය නිසා එක ගෝත්‍රයකින් එක් කෙනකු බැගින් ඔබෙන් දොළොස් දෙනෙක් තෝරාගනු ලැබුවා. 24ඔවුන් පිටත් ව, කඳුරටට ගොස්, එෂ්කොල් මිටියාවතට ගොස්, එහි තොරතුරු විපරම් කර, 25ඒ දේශයේ පල රැගෙන අප වෙත අවුත්, අපට කීවේ, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන්නේ අගනා දේශයකි” කියායි.
ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසීම
26එහෙත් ඔබ එහි යෑම ප්‍රතික්ෂේප කරමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නියෝගයට එරෙහිව, කැරලි ගැසුවා. 27ඔබ, ඔබේ කූඩාරම් තුළට වී, මැසිවිලි නගමින්, “ස්වාමින්වහන්සේ අපට ද්වේෂ කරනවා; ඒකයි අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන් අතට අප හසුකර දීමට, උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට අප ගෙනැවිත් ඇත්තේ. 28අප කෙසේ එහි යන්න ද? එහි ගිය අපේ සහෝදරයින් අප හදවත් අධෛර්ය කරමින්, ‘එහි මිනිසුන් අපට වඩා ශක්තිමත් ය; උස මහත ය, ඔවුන්ගේ නගර විශාල ය; පවුරු, අහසට උස ය; අප එහිදී අනාක්වරුන්ගේ පරපුරේ අය ද දුටුවා’ කියා” කීවා.
29එවිට මා ඔබ අමතමින්, “තැති ගන්න එපා; ඔවුනට භය වන්න එපා. 30ඔබට පෙරටුවෙන් යන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට ඊජිප්තුවේදී හා පාළුකරයේදී කළ පරිදි, ඔබ වෙනුවෙන් සටන් කරන සේක. 31පියකු තම පුතු ඔසවාගෙන යන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ස්ථානයට ළඟා වන තෙක්, ඔබ ආ මුළු මාර්ගය ඔස්සේ ම ඔබ රැගෙන ආ හැටි නුඹලා දැක්කා යැ” යි පැහැදිලි කළා.
32එහෙත් ඒ නො තැකූ ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තැබුවේ නැහැ. 33ගමනේදී ඔබට කඳවුරු ගසන්නට සුදුසු තැන් සොයමින් ද ඔබ යා යුතු මග පෙන්වමින් ද රැයෙහි ගිනි ටැඹකින් හා දවාලෙහි වලාකුළකින් ඔබට පෙරටුව ගියේ උන්වහන්සේ ය.
34ඔබ කී මැසිවිලි ඇසූ ස්වාමින්වහන්සේ උදහස් ව, තරයේ දිවුළ සේක්; 35“ඔබේ පියවරුනට දෙන්නෙමැයි මා දිවුරා පොරොන්දු වූ මේ අනගි දේශය මේ දුෂ්ට පරපුරේ එක් කෙනකුදු දකින්නේ නැත. 36එහෙත් යෙෆුන්නෙගේ පුත් කාලෙබ් එය දකිනු ඇත. ඔහු මුළු හදින් ම ස්වාමින්වහන්සේ අනුගමන කළ නිසා, ඔහු පා තබන ඒ දේශය ඔහුටත්, ඔහුගේ දරු පරපුරටත් මම දෙන්නෙමි” යි පැවසූ සේක.
37නුඹලා නිසා ස්වාමින්වහන්සේ මා සමඟ ද උරණ වූ සේක්, “ඔබත් එහි ඇතුළු වන්නේ නැත. 38නූන්ගේ පුත්‍ර, ඔබේ සහායක යෝෂුවා එහි පිවිසෙනු ඇත; ඔහු ධෛර්යවත් කරන්න; මන්ද එය උරුම කර ගන්නට ඉශ්‍රායෙල්වරුනට නායකත්වය දෙන්නේ ඔහු ය. 39කොල්ලයට ගොදුරු වනු ඇතැයි නුඹලා කී කුඩාවුවනට, එනම් තවමත් හොඳ-නරක නො තේරෙන ඔබේ දරුවනට මම ඒ දේශය දෙන්නෙමි. ඔවුන් එය අත්කර ගනු ඇත. 40එහෙත් දැන් නුඹලා ආපසු හැරී, රතු මුහුද තෙක් දිවෙන මාර්ගය ඔස්සේ කාන්තාරය දෙසට පිටත් ව යන්නැ” යි පැවසූ සේක.
41එවිට නුඹලා, “ස්වාමින්වහන්සේට විරුද්ධ ව අපි පව් කළෙමු; අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට අණ කළ සියල්ල පරිදි නැගී ගොස්, සටන් කරන්නෙමු” යි කියා, කඳුරට ආක්‍රමණ කිරීම පහසු කාරියකැයි සිතා, නුඹලා හැම, නුඹලාගේ අවි අතට ගත්තා.
42එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘සටනට නො යන්න; මන්ද මම ඔබ සමඟ නො වෙමි; ඔබේ සතුරන් ඉදිරියේ ඔබ පරදිනු ඇත කියා’ ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක.
43ඒ වග මා නුඹලාට කීවත්, නුඹලා ඊට සවන් දුන්නේ නැහැ. ස්වාමින්වහන්සේගේ අණට එරෙහිව හිතුවක්කාරකම් කළ නුඹලා, අහංකාරයෙන් කඳුරට වෙත නැග ගියා. 44කඳු රටෙහි විසූ අමෝරිවරු නුඹලාට විරුද්ධ ව නැගිට, මී මැසි රෑනක් සේ නුඹලා පසු පස එලවමින්, සේයිර් සිට හොර්මා දක්වා මුළු මග දිගට ම නුඹලාට පහර දුන්නා. 45නුඹලා ආපසු හැරී අවුත්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි හඬා වැටුණා. එහෙත් උන්වහන්සේ නුඹලාගේ වැලපීම ගැන කිසි තැකීමක් කළේ නැහැ. නුඹලාට සවන් දුන්නේ නැහැ. 46එබැවින් නුඹලා එහි ගත කළ මුළු කාලය අනුව බොහෝ දවස් කාදෙෂ්හි නැවතී සිටියා.
Currently Selected:
ද්විතීය 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: