දානියෙල් 8
8
එළු බැටළු දර්ශනය
1බේල්ෂසර් රාජ සමයේ තුන් වන වසරේ, දානියෙල් වන මට දර්ශනයක් පෙනුණේ ය. මා මෙය දුටුවේ කලින් මට පෙනුණු එකට පසුව ය. 2ඒ දර්ශනයෙහි මා ඒලාම් පළාතේ බළකොටු නුවර වූ ෂූෂන්හි#8:2 ෂූෂන්හි ග්‍රීක් සූසාහි සිටිනු දිටිමි. ඒ දර්ශනයේ මම ඌලයි ඇළ පසෙක සිටියෙමි. 3මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! ඇළ ඉවුරේ සිටගෙන සිටින බැටළුවෙක්! ඌට අං දෙකක් තිබුණි; ඒ අං දිග ය. ඉන් එකක් අනෙකට වඩා දිගින් යුතු විණ. වඩා දිගු අඟ වැඩුණේ පසුව ය. 4ඒ බැටළුවා බටහිරට, උතුරට හා දකුණු දෙසට අනිනු මම බලා සිටියෙමි. කිසිදු සත්වයකුට ඌට එරෙහිව සිටිය නො හැකි විය. උගේ බලයෙන් මිදිය හැකි කිසිවෙක් ද නො වී ය. ඌ තමා කැමති කැමති සේ කරමින්, තමා ම උසස් කර ගත්තේ ය.
5මේ ගැන මා කල්පනා කරමින් සිටියදී, මෙන්න එළුවෙක් බිම අඩි නො තබා, මුළු පොළෝ තලය හරහා බටහිරින් ආයේ ය. එළුවාගේ ඇස් අතරේ කැපී පෙනෙන අඟක් තිබුණේ ය. 6ඇළ ඉවුරේ සිටගෙන සිටිනු මා දුටු අං දෙකේ බැටළුවා වෙත පැමිණි ඌ මහත් කෝපයෙන් ඌ දෙසට පැන්නේ ය. 7ඌ කෝපාවිෂ්ට ව බැටළුවා වෙත අවුත්, පහර දෙමින්, උගේ අං දෙක සිඳ දමනු මම දිටිමි. ඌට එරෙහි වීමට තරම් ශක්තියක් බැටළුවාට නො වී ය. බැටළුවා බිම හෙළූ එළුවා ඌ පාගා දැමී ය. උගේ බලයෙන් බැටළුවා මුදා ගන්නට සමත් කිසිවකු නො වී ය. 8එළුවා අතිශයෙන් උසස් බවට පැමිණියේ ය. එහෙත් ඌ බලයෙන් අගපත් ව සිටියදී, උගේ මහ අඟ කැඩිණි. ඒ අඟ තිබූ තැන කැපී පෙනෙන අං හතරක් හතර සුළඟ දිශාවට හට ගැනිණ.
9ඉන් එක් අඟකින් හටගත් වෙනත් අඟක් සුළුවෙන් පටන් ගෙන දකුණු දෙසට, නැගෙනහිර දෙසට හා අලංකාර දේශය දෙසට මහ බලයකින් වැඩුණේ ය. 10අහස් සේනා දක්වා ළඟා වන තුරු ම එය වැඩුණේ ය; අහස් සේනා හා තාරකා සේනාවන් කීපයක් ඇද පොළොවට හෙළූ එය ඒවා පාගා දැමී ය. 11ඌ ඉතා බලවත් විය. සේනාවේ අධිපතියාණන් තරමට ම තමා උසස් කර ගන්නට වැර දැරූ ඌ දිනපතා පූජාව ද එතුමන් වෙතින් පහ කළේ ය. එතුමාණන්ගේ ශුද්ධස්ථානය ද බිඳ හෙළනු ලැබී ය. 12අයුතුකම් නිසා සේනාව ද දිනපතා පූජාව ද ඒ අඟට බාර දෙන ලදී. කළ හැම දේකින් ම ඒ අඟ සඵල විය. සත්‍යය ද බිම හෙළනු ලැබිණ.
13එවිට ශුද්ධ කෙනකු කතා කරනු මට ඇසිණ. තවත් ශුද්ධවතෙක් ඔහු අමතමින්, “දර්ශනය ඉටුවන්නට තව කොතෙක් කල් යාවි ද? දිනපතා පූජාවත්, පාළුවට හේතු වන කැරැල්ලත්, ශුද්ධස්ථානයේ යටත්වීමත්, සේනාව පයින් පාගා දමනු ලැබීමත් පිළිබඳ දර්ශනය ඉටුවන්නට කොතෙක් කල් යයි දැ?” යි ඇසී ය.
14ඔහු මට පිළිතුරු දෙමින්, “ඒ සඳහා සවස් හා උදය කාල දෙදහස් තුන්සියයක් ගත වෙයි. ඉන්පසු ශුද්ධස්ථානය එහි යථා තත්වයට යළි ස්ථාපන කෙරේ” යි පැවසී ය.
දර්ශනයේ තේරුම
15දානියෙල් වන මා දර්ශනය බලා හිඳිමින්, එය වටහා ගැනීමට වෑයම් කරමින් සිටියදී, මෙන්න! මිනිසකුගේ පෙනුම ඇති කෙනෙක් මා ඉදිරිපිට සිටගෙන! 16තවද, “ගාබ්‍රියෙල්, මේ මිනිසාට දර්ශනයේ තේරුම කියන්නැ” යි පවසන මිනිස් කටහඬක් ඌලයි හි ඉවුරු අතරින් මට ඇසිණ.
17මා සිටි තැනට ඔහු ළං වෙත් ම, මම භයපත් ව මුණින් තලා වැටුණෙමි. ඔහු මා අමතමින්, “එම්බා, මනුෂ්‍ය පුත්‍රය#8:17 මනුෂ්‍ය පුත්‍රය හෙවත් ආදම්ගේ පුත්‍රය, ඒ දර්ශනය, අවසාන කාලය ගැන වග වටහා ගන්නැ” යි පැවසී ය.
18ඔහු මට කතා කරද්දී මා මුණින් තලා වී, දැඩි නිද්‍රාවකට වැටිණි. ඔහු එවිට මට අත ගසා, මා දෙපයින් නගා සිටුවී ය.
19ඔහු මෙසේ පැවසී ය: “මා ඔබට කියන්නට යන්නේ උදහසේ කාලයේ අවසානයේදී සිදුවන දේ ගැනයි; මන්ද දර්ශනය අදාළ වන්නේ, නියම කරන ලද අන්තිම කාලයටයි.#8:19 හෙවත් මන්ද නියම කරන ලද කාලයේදී අවසානය වේ. 20ඔබ දුටු අං දෙකේ බැටළුවා සංකේතවත් වන්නේ මේදියානු හා පර්සියානු රජවරුයි. 21කේසර එළුවා ග්‍රීසියේ#8:21 ග්‍රීසියේ හෙබ්‍රෙව් යාවාන් රජුයි. එළුවාගේ ඇස් අතරේ මහ අඟ පළමු වන රජුයි. 22කැඩුණු අඟ තිබූ තැන හට ගැනුණු අං හතර, ඔහු තරම් බලවත් නො වූවත්, ඔහුගේ ජාතියෙන් ම පැන නැගුණු රාජ්‍යය හතරක් සංකේතවත් වේ.
23“ඔවුන්ගේ පාලනයේ අවසාන භාගයේ ඔවුන්ගේ පාප අපරාධ, ඉහළ තලයට පැමිණි කල, රළු-පරුෂ මුහුණින් හෙබි, කූටෝපායයෙහි කෙළ පැමිණි රජකු නැගිටිනු ඇත. 24ඔහු ඉතා බලසම්පන්න බවට පත් වනු ඇත. එහෙත් ඒ ඔහුගේ ම බලයෙන් නො වේ. ඔහු මහ පරිමාණ විනාශයක් සලසනු ඇති අතර කරන හැම දේකින් ම සඵල වනු ඇත. ඔහු බලවත් මිනිසුන් ද ශුද්ධ වූ ජනයා ද විනාශ කරනු ඇත. 25තම කූටෝපායයෙන් ඔහු සශ්‍රීක වීම සඳහා ප්‍රයෝග යොදමින් තමා උත්තම යැයි සිතා ගනියි. තමන් සුරක්ෂිත යැයි සිතා සිටින බොහෝ දෙනකු විනාශ කර දමන ඔහු කුමරුන්ගේ කුමාරයාටත් එරෙහිව නැගී සිටිනු ඇත. එහෙත් ඔහු විනාශයට පත් වේ. එහෙත් ඒ මිනිස් බලයකින් නො වේ.
26“ඔබට දෙන ලද සවස හා උදය දර්ශන සත්‍යය. එහෙත් එය අදාළ වන්නේ ඈත අනාගතයට බැවින් දර්ශනය මුද්‍රා තබන්න.”
27දානියෙල් වන මම ශක්තිය සිඳී, දින කීපයක් ම අසනීපයෙන් වැදහොත්තෙමි. ඉන්පසු මම යළි රජුගේ සේවයෙහි යෙදුණෙමි. ඒ දර්ශනය විස්මයෙන් මා කම්පිත කළේ ය. එය දුරවබෝධ එකකි.
Currently Selected:
දානියෙල් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: