දානියෙල් 9
9
දානියෙල්ගේ යාච්ඤාව
1අහෂ්වේරොෂ්ගේ පුත්, කල්දිවරුන්ගේ රාජධානියේ පාලකයා බවට පත් කරන ලද මේදීය සම්භවයෙන් යුත් දාරෙයාවෙෂ්ගේ#9:1 දාරෙයාවෙෂ්ගේ ග්‍රීක් දාරියුස්ගේ පළමු වසරේ, 2එනම් ඔහුගේ රාජ සමයේ පළමු වසරේ, දානියෙල් වන මම ශුද්ධ ලියවිල්ල තුළින් වටහා ගත්තේ, යෙරමියා දිවැසිවරයාට දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරුසලම පාළුවට හැර තිබෙන කාලය හැත්තෑ වසරක් වගයි. 3එබැවින් මම ස්වාමින් වන දෙවියන්වහන්සේ වෙත මුහුණ හරවා, නිරාහාරයෙන් යුතු ව, ගෝණි රෙදි හැඳ, අළුයෙහි හිඳ, උන්වහන්සේට යාච්ඤා ද අයැදුම් ද කරමින්, කන්නලව් කරන්නට වන්නෙමි.
4මම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, පාපොච්චාරණ කළෙමි:
“අහෝ ස්වාමිනි, තමන්වහන්සේට ප්‍රේම කරමින්, තම ආඥාවනට කීකරු වන සියල්ලන් සමඟ ස්වකීය ගිවිසුමත්, නොමියෙන ප්‍රේමයත් පවත්වන උත්තම වූත්, භයංකර වූත් දෙවියන්වහන්ස, 5අපි පව් කර ඇත්තෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කරමින්, කැරලි ගසා ඇත්තෙමු. ඔබගේ ආඥා හා නියමයන්වලින් අප ඉවත හැරී ඇත. 6අපේ රජුන්ටත්, අපේ අධිපතීන්ට, අපේ පියවරුන්ට හා දේශයේ සියලු ජනයාටත්, ඔබගේ නාමයෙන් කතා කළ ඔබගේ සේවකයින් වන දිවැසිවරුනටත් අප සවන් දුන්නේ නැත.
7“අහෝ ස්වාමිනි, ධර්මිෂ්ඨකම අයිති ඔබට ය. එහෙත් යූදා ජනයා ද යෙරුසලම් වාසීන් හා මුළු මහත් ඉශ්‍රායෙල් ජනයා ද වන අපට, ඔබට එරෙහිව කළ ද්‍රෝහිකම් නිසා ළඟ පාත මෙන් ම දුර බැහැර රටවලට ඔබ විසින් විසුරුවන ලද අපට අයිති අන්ත ලජ්ජාව ය. 8අහෝ ස්වාමින්වහන්ස, අප ද අපේ රජුන් ද අපේ අධිපතීන් හා අපේ පියවරුන් ද මෙසේ ලජ්ජාවට පත් ව ඇත්තේ, ඔබවහන්සේට එරෙහිව අප පව් කළ නිසා ය. 9දයාවන්තකමත්, කමාවීමත් අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ට ය. මන්ද උන්වහන්සේට එරෙහිව අප කැරලි ගසා ඇත. 10අප අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට කීකරු වූයේ නැත; උන්වහන්සේගේ සේවක දිවැසිවරුන් මගින් අපට දුන් නීති, පිළිපැද්දේ නැත. 11ඉශ්‍රායෙල් සියල්ලෝ ඔබේ ව්‍යවස්ථාව කඩ කළෝ, ඔබේ හඬට කීකරුවීම ප්‍රතික්ෂේප කරමින්, ඉවත හැරී ගොස් ඇත්තෝ ය.
“මෙසේ දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් ශාප හා දිවුරුම් අප පිට වගුරුවනු ලැබ ඇත්තේ, අප ඔබට එරෙහිව පව් කළ නිසා ය. 12මහා විපත්තියක් අප පිට පැමිණවීමෙන් ඔබ කර ඇත්තේ අපට එරෙහිවත්, අප පාලනය කළ අපේ පාලකයින්ට එරෙහිවත්, ඔබ පැවසූ වචන ඉෂ්ට කිරීම ය. මන්ද යෙරුසලමට කරන ලද දේට සමාන විපත්තියක් මේ මුළු අහසින් යට කිසි ලෙසකත් සිදුකර නැත. 13මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි, මේ සියලු විපත්ති අප පිට පැමිණි නමුදු, අපේ පව්වලින් ඉවත හැරීමෙන් හා ඔබගේ සත්‍යතාව වෙත අවධානය යොමු කිරීමෙන් අප, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ නැත. 14එනිසා ස්වාමින්වහන්සේ කල්-යල් බලා, මේ විපත්තිය අප පිට පැමිණ වූ සේක. මන්ද තමන් කරන සියල්ලේදී අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ධාර්මික ය. එසේ වුව ද අපි උන්වහන්සේට කීකරු නො වීමු.
15“අහෝ ස්වාමිනි, බලවත් හස්තයකින් ස්වකීය ජනයා ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනවුත්, මේ අද දවස දක්වාත් පවතින පරිදි, තමන්වහන්සේට නාමයක් උපදවා ගත්තා වූ අපේ දෙවියන්වහන්ස, අපි පව් කර ඇත්තෙමු. දුෂ්ට ලෙස ක්‍රියා කර ඇත්තෙමු. 16අහෝ ස්වාමිනි, ඔබගේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව, ඔබගේ ශුද්ධ කන්ද හා ඔබගේ පුරවරය වන යෙරුසලම වෙතින් ඔබගේ කෝපයත්, ඔබගේ උදහසත් දැන් ඉවත හරවාගත මැනව. අප වටා සිටින සියල්ලන් හමුවේ යෙරුසලම හා ඔබේ ජනයා සමච්චලයට ලක් වී ඇත්තේ, අපගේ පාප හා අපේ පියවරුන්ගේ අයුතුකම් නිසාවෙනි.
17“අපේ දෙවියන්වහන්ස, දැන් ඔබේ සේවකයාගේ යාච්ඤාව හා දයාව උදෙසා කරන අයැදුම ඇසුව මැනව. අහෝ ස්වාමිනි, පාළු වී ගිය ඔබේ ශුද්ධස්ථානය දෙස ඔබේ ම ගෞරවය උදෙසා ප්‍රසාදයෙන් බැලුව මැනවි. 18සවන් යොමා, ඇසුව මැනවි. අහෝ මගේ දෙවියන්වහන්ස, ඇස් ඇර බැලුව මැනවි, ඔබගේ නාමය දරන නගරය පාළුවට ගොස් ඇති සැටි; අප මෙසේ ඔබගෙන් අයැද සිටින්නේ, අපේ ම ධර්මිෂ්ඨකම නිසා නො වේ; ඔබගේ අනුපමේය දයාව නිසා ය. 19අහෝ ස්වාමිනි, සවන් දුන මැනවි! අහෝ ස්වාමිනි, කමා වුව මැනව! අහෝ ස්වාමිනි අසා, ක්‍රියා කළ මැනවි! අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබේ නාමය උදෙසා පමා නූව මැනවි. මන්ද ඔබේ පුරවරයත්, ඔබේ ජනතාවත් අමතනු ලබන්නේ ඔබේ නාමයෙනි.”
සත් හැත්තෑ කාලය
20මා එසේ පවසමින්, යාච්ඤා කරමින්, මගේ පාප හා ඉශ්‍රායෙල් මගේ ජනයාගේ පාප උදෙසා පාපොච්චාරණ කරමින්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත දෙවියන්වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා අයදිමින් සිටියදී, 21මා යාච්ඤාවේ නියැළී සිටින අතරේ, සවස පූජා වේලාවේදී පමණ, කලින් දර්ශනයේදී මා දැක තිබූ මිනිසා වන ගාබ්‍රියෙල් වේගයෙන් පියාඹා, මා වෙත ආවේ ය. 22ඔහු මා දැනුම්වත් කරමින්, මෙසේ කීවේ ය. “එම්බා දානියෙල්, මා දැන් ආවේ ඔබට තීක්ෂණ බුද්ධියත්, අවබෝධයත් දෙන්නටයි. 23ඔබ දයාව ඉල්ලා අයැදුම් කරන්නට පටන් ගත් සැණින්, පිළිතුරක් දෙනු ලැබිණ. මා ආවේ එය දන්වන්නටයි. මන්ද ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි. එබැවින්, පණිවුඩය විමසා, දර්ශනය වටහා ගන්න.
24“අපරාධ නිම කරන්නටත්, පාපය අවසන් කරන්නටත්, දුෂ්ටකමේ පාප වන්දි නිවාරණයටත්, සදාතනික දමිටුකම ගෙන එන්නටත්, දර්ශනය හා දිවැසි වැකි මුද්‍රා තබන්නටත්, අතිශුද්ධස්ථානය ආලේප කරන්නටත් ඔබේ ජනතාව හා ඔබේ ශුද්ධ නගරය උදෙසා සත් හැත්තෑවක්#9:24 සත් හැත්තෑවක් හෙවත් සති හැත්තෑවක් නියම කර ඇත.
25“මෙය දැන, වටහා ගන්න. යෙරුසලම පිළිසකර කරන්නට හා යළි ගොඩ නගන්නට වචනය නිකුත් කිරීමේ සිට, ආලේප ලද්දාණන් වූ පාලකයාගේ පැමිණීම දක්වා සත්#9:25 සත් හෙවත් සති හතක් වෙයි. කලබල සහිත කාලවලදී වීදි හා දිය අගල් සහිත ව එය ගොඩ නගනු ලබන්නට ද සත් හැටදෙකක් ද වෙයි. 26සත් හැට දෙකට පසුව, ආලේපලද්දාණෝ සිඳ දමනු ලබති. කිසිවක් ද නො වන්නේ ය.#9:26 ඔහුට කිසිවක් නො වන්නේ ය. ඉන්පසු පැමිණෙන පාලකයාගේ ජනයා පුරවරයත්, ශුද්ධස්ථානයත් විනාශ කර දමනු ඇත. එහි අවසානය පැමිණෙන්නේ ගංවතුරක් මෙනි. අවසානය දක්වා දිගට ම යුද්ධය පවතිනු ඇත. පාළුවීම් ද නියම කරනු ලැබ ඇත. 27ඔහු සතක්#9:27 සතක් හෙවත් සතියක් සඳහා බොහෝ දෙනකු සමඟ ගිවිසුමක් සහතික කරනු ඇත. සත#9:27 සත හෙවත් සතිය මැදදී යාග හා පූජා ඔහු නතර කරනු ඇත. බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල එතැන#9:27 එතැන හෙබ්‍රෙව් පියාපතක ග්‍රීක් දේව මාලිගයේ පිහිටුවනු ලබන්නේ ය. නියම කරන ලද අවසානය ඔහු පිට වගුරුවනු ලබන්නේ ය.”
Currently Selected:
දානියෙල් 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: