දානියෙල් 7
7
සතර මහා සත්වයෝ
1බබිලෝනියේ රජු වූ බේල්ෂසර්ගේ රාජ සමයේ දානියෙල් තම යහනේ වැතිර සිටියදී, සිහිනයක් හා ඔහුගේ මනසේ ඇඳුණු දර්ශන දුටුවේ ය. ඔහු තම සිහිනය සටහන් කර, ඇතැම් කරුණු පැවසී ය.
2දානියෙල් මෙසේ පැවසී ය: “රාත්‍රියේ මගේ දර්ශනයේදී මා බලා සිටින අතරේ, මෙන්න! අහසේ සතර සුළඟ, මහ සාගරය කලඹවමින්, 3එකිනෙකාට වෙනස් මහා සත්වයින් හතර දෙනෙක් මුහුදින් නැගී ආහ.
4“පළමු වැන්නා සිංහයකු වැන්න; රාජාලි පියාපත් ඌට තිබිණි. මා බලා සිටින අතරේ උගේ පියාපත් උදුරා දමනු ලැබිණ. ඉන්පසු පොළොවෙන් ඌ ඔසවනු ලැබ, මිනිසකු සේ දෙපයින් සිටගන්නට සලසන ලදී. මිනිස් සිතක් ද ඌට දෙනු ලැබිණ.
5“ඉන්පසු මෙන්න! තවත් සත්වයෙක්; දෙවැන්නෙක්; ඌ වලසකු වැන්න. උගේ එක් ඇලයකින් ඌ ඔසවනු ලැබිණ. උගේ කටේ දත් අතරේ ඉල ඇට තුනක් ඌට තිබිණි. ‘නැගිටිනු! කුස පුරා මස් කනු!’ යි ඌට කියන ලද්දේ ය.
6“ඉන්පසු මම බැලුවෙමි; එවිට මෙන්න! තවත් සත්වයෙක්! දිවියකු බඳු පෙනුමක් ඇති උගේ පිටේ කුරුලු පියාපත් හතරක් විණි. මෙම සත්වයාට හිස් හතරක් තිබිණ. පාලන ආධිපත්‍යය ද ඌට දෙන ලදී.
7“එයින් පසු රාත්‍රියේ මගේ දර්ශනයේදී මා බලා සිටියදී, මෙන්න! හතර වන සත්වයෙක්; භයංකර, රෞද්‍ර, මහ බලවත් එකෙක්. ඌට විශාල යකඩ දත් තිබිණ. තම ගොදුරු මිරිකා පොඩිකර ගිල දැමූ ඌ ඉතිරි වූ දෑ පයින් පාගා දැමී ය. පළමු සත්වයින් සියල්ලනට වඩා ඌ වෙනස් ය. ඌට අං දහයක් තිබිණ.
8“අං ගැන මා සිතා-බලමින් සිටියදී, මෙන්න! තවත් අඟක්! ඒ අතරේ හට ගැනුණු කුඩා අඟක්! මේ කුඩා අඟ ඉදිරියේ පළමු අං තුනක් උදුරා දමනු ලැබිණ. මෙන්න! මෙම අඟට මිනිස් ඇස් වැනි ඇස් ද පුරසාරම දොඩන කටක් ද තිබිණ.
9“මා බලා සිටියදී,
“නිසි තැන්වල සිංහාසන පිහිටු වන ලදී.
දවස්හි පුරාතනයාණෝ ස්වකීය අසුන ගත් සේක.
උන්වහන්සේගේ ඇඳුම හිම මෙන් සුදු ය.
උන්වහන්සේගේ හිසකේ පවිත්‍ර ලොම් වැන්න.
උන්වහන්සේගේ සිංහාසනය ඇවිළෙන ගිනි දළු ය.
එහි රෝද ගිනි ඇවිළෙමින් තිබිණ.
10ගිනි ගංගාවක් නික්මිණි.
උන්වහන්සේ අබියසින් එය ගලා ආයේ ය.
උන්වහන්සේට උපස්ථාන කළෝ දහස්වර දහස් සංඛ්‍යාත ගණනකි;
උන්වහන්සේ අබියස සිටගෙන සිටියෝ දස දහස්වර දස දහස් සංඛ්‍යාත ගණනකි;
අධිකරණය අසුන් ගති;
පොත් ද විවර කෙරිණ.
11“ඉන්පසු, පෙර කී අඟ පැවසූ පුරසාරම් වචන නිසා, මම තවදුරටත් බලා සිටියෙමි. ඒ සත්වයා මරනු ලැබ, උගේ සිරුර විනාශ කර, ඇවිළෙන ගින්නට හෙළා දමන අයුරු මම බලා සිටියෙමි. 12සෙසු සත්වයින් වෙතින් උන්ගේ ආධිපත්‍යය පහ කර තිබූ නමුදු, නිශ්චිත කාලයකට ජීවත් වන්නට උන්ට ඉඩ දී තිබිණ.
13“රාත්‍රියේ මගේ දර්ශනයේ මා බලා සිටින විට, මෙන්න! අහසේ වලාකුළු සමඟ එන මනුෂ්‍ය පුත්‍රයාණ කෙනකුන් වැනි කෙනෙක්! එතුමාණෝ දවස්හි පුරාතනයාණන් වෙත ළඟා වී, උන්වහන්සේ වෙත ගෙන යන ලදහ. 14ආධිපත්‍යය ද තේජස ද රාජ්‍ය-බලය ද එතුමාණන්ට දෙන ලදී. සියලු ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද එතුමාණන්ට සේවය කරන්නෝ ය. එතුමාණන්ගේ රාජාධිපත්‍යය, කිසි කලෙක පහව නො යන සදාතනික රාජාධිපත්‍යයකි. එතුමාණන්ගේ රාජ්‍යය කිසි දින විනාශ කළ නො හේ.
සිහිනය තේරුම් කිරීම
15“දානියෙල් වන මගේ ආත්මය පීඩාවට පත් විය. මගේ මනසේ ඇඳී ගිය දර්ශන මා කැලඹීමට පත් කළේ ය. 16එතැන සිටගෙන හුන් කෙනකු වෙත ළඟා වූ මම මේ සියල්ලෙහි සැබෑ අරුත කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෙමි.
“එවිට ඔහු මා අමතමින්, ඒවායේ අර්ථය පැහැදිලි කළේ ය: 17‘ඒ මහා සත්වයින් සතර දෙනා පොළොවෙන් නැගී එන රජවරුන් සතර දෙනෙකි. 18එහෙත් මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ සදහට ම, ඇත්තෙන් ම සදහට, සදාතනික ව එය හිමි කර ගන්නෝ’ ය.
19“ඉන්පසු, හතර වැනි සත්වයා පිළිබඳ සැබෑ අරුත දැනගන්නට මම ආශා කළෙමි. සෙසු සියල්ලනට වඩා වෙනස් වූ, භයංකර වූ යකඩ දත් හා ලෝකඩ නිය ඇති, තම ගොදුරු මිරිකා, පොඩිකර, ගිල දමා, ඉතිරිය පයින් පාගා දැමූ සත්වයා ඌ ය. 20උගේ හිසේ වූ අං දහය ගැනත්, ඉන් අං තුනක් යම් අඟක් ඉදිරියේ වැටී ගියේ ද, අනෙක් ඒවාට වඩා මහත් ව පෙනුණු අඟවන ඇස් හා පුරසාරම් දෙඩූ කටක් ද තිබූ අඟ ගැනත් දැනගන්නට මම ආශා කළෙමි. 21මා බලා සිටියදී ම ඒ අඟ, ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කර ඔවුන් පැරදවී ය. 22එසේ වූයේ, පුරාතනයාණන් පැමිණ, මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුන්ට පක්ෂ ව විනිශ්චය ප්‍රකාශ කරන තෙක් හා ඔවුන් රාජ්‍යය හිමි කර ගත් කාලය උදා වන තෙක් ය.
23“ඔහු මට මෙසේ පැවසී ය: ‘හතර වන සත්වයා පොළොවේ ඇති වන හතර වන රාජ්‍යයක් වෙයි. එය අනෙක් සියලු රාජ්‍යයනට වඩා වෙනස් වෙයි. එය මුළු පොළොව ම වනසා, පාගා, කැබලිවලට පොඩිකර දමනු ඇත. 24අං දහය ගැන; ඒ රාජ්‍යයෙන් රජවරු දහ දෙනෙක් නැගිට එති. ඔවුනට පසුව වෙනත් රජෙක් නැගී එනු ඇත. ඔහු පළමු අයට වඩා වෙනස් වෙයි. ඔහු රජවරුන් තුන් දෙනකු යටත් කරනු ඇත. 25ඔහු මහෝත්තමයාණන්ට එරෙහිව වචන කතා කරනු ඇත; මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුනට පීඩා කරනු ඇත. නියත කාල හා නීති වෙනස් කරන්නට වැර දරනු ඇත; කාලයකට ද කාලයන්ට ද අඩ කාලයකට ද ශුද්ධවත්හු ඔහුගේ අතට බාර දෙනු ලබන්නහු ය.
26“ ‘එහෙත්, අධිකරණය අසුන් ගනු ඇත. ඔහුගේ රාජ්‍ය-බලය බැහැර කරනු ලැබ, එය සදහට ම මුළුමනින් විනාශ කෙරෙනු ඇත. 27ඉන්පසු මුළු අහසින් යට රාජ්‍යයන්හි ආධිපත්‍යය, බලය හා උදාරත්වය මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුන් වූ ජනයාට බාර දෙනු ලැබිණ. උන්වහන්සේගේ රාජ්‍යය සදාතන රාජ්‍යයකි. සියලු රාජ්‍ය-පාලකයින් උන්වහන්සේට සේවය කරනු ඇත. කීකරු වනු ඇත.’
28“කතාවේ අවසානය මෙයයි: දානියෙල් වන මම, මගේ සිතුවිලිවලින් මහත් සේ කැලඹී සිටියෙමි. මගේ මුහුණ සුදුමැලි විණ. එහෙත් මම මේ සිද්ධිය මට ම තබා ගතිමි.”
Currently Selected:
දානියෙල් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: