YouVersion Logo
Search Icon

2 රාජාවලිය 6:15-19

2 රාජාවලිය 6:15-19 SCV

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය. “භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය. එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය. අරාම්වරු තමා දෙසට එන විට එලීෂා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “මේ ජනයාට අන්ධභාවයෙන් පහර දෙන්නැ” යි පැවසී ය. එබැවින් එලීෂා ඉල්ලූ පරිදි උන්වහන්සේ ඔවුන් අන්ධ කළ සේක. එලීෂා ඔවුන් අමතමින්, “මේක නො වෙයි පාර. පුරවරයත් මේක නො වෙයි. එන්න මා පස්සෙන්; ඔබ සොයන මනුෂ්‍යයා වෙත මම ඔබ ගෙන යන්නම්” යි පැවසී ය. ඔහු ඔවුන් සමාරිය වෙත ගෙන ගියේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 6:15-19