2 ලේකම් 20:6-7
2 ලේකම් 20:6-7 SCV
මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ස්වර්ගයේ සිටින දෙවියන්වහන්සේ ඔබ නො වේ ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් පාලනය කරන්නේ ඔබයි. බලයත්, පරාක්‍රමයත් ඔබ හස්තයේ හෙයින් කවරකුටවත් ඔබට එරෙහිව සිටිය නො හැකි ය. ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඉදිරිපිටින් මේ දේශ වාසීන් පන්නා, ඔබේ මිත්‍ර ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට සදහට ම එය දුන් අපගේ දෙවියන්වහන්සේ, ඔබවහන්සේ නො වේ ද?





