2 ලේකම් 10
10
රෙහොබොවම්
1රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. 2සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් සිටියේ ය.) 3එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, 4“ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය.
5රෙහොබොවම් පිළිතුරු දෙමින්, “දින තුනකින් යළි මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ.
6ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය.
7ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ මේ ජනයාට කාරුණික ව, ඔවුන් සතුටු කර, ඔවුන්ට හොඳින් කතා කරන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ.
8එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. 9ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය.
10ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ඔබ කිය යුත්තේ, ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. 11මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ.
12“තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. 13රජු පරුෂ අන්දමින් ඔවුන්ට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. 14තරුණයින්ගේ උපදෙසට අනුව රෙහොබොවම් රජු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය. 15මෙසේ රජු ජනතාවට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේ ෂීලෝනීය අහියා ලවා නෙබාට්ගේ පුත් යෙරොබොවම්ට පවසා තිබූ වචනය සම්පූර්ණ වන පිණිස, මේ ලෙස කාරණා වෙනස් වීම පැමිණියේ දෙවියන්වහන්සේ වෙතිනි.
16රජු තමන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළ වග දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා රජුට ප්‍රති උත්තර දෙමින්,
“දාවිත් සමඟ අපට ඇති පංගුකාරකම කුමක් ද?
යෙස්සේගේ පුතා සමඟ අපට මොන උරුමයක් ද?
එම්බා ඉශ්‍රායෙල්, නුඹලාගේ කූඩාරම්වලට යනු!
එම්බා දාවිත්! ඔබ ඔබේ ම වංශය බලා ගන්නැ” යි
පැවසූහ.
මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ කූඩාරම් වෙත ගියහ. 17එහෙත් රෙහොබොවම්, යූදා නගරවල විසූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම් කළේ ය.
18රෙහොබොවම් රජු, බැළ මෙහෙවර බාර ව සිටි හදෝරාම් යැවූ කල, ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා මැරූහ. එවිට රෙහොබොවම් රජු යෙරුසලමට පලා යන පිණිස තම රථයට නැගුණේ ය. 19මෙසේ ඉශ්‍රායෙල්වරු අද දවස දක්වා දාවිත්ගේ වංශයට එරෙහිව කැරලි ගසමින් සිටිති.
Currently Selected:
2 ලේකම් 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.