YouVersion Logo
Search Icon

1 රාජාවලිය 7

7
සාලමොන්ගේ මන්දිරය
1සාලමොන්ට තමාගේ ම මන්දිරය ඉදිකර, සම්පූර්ණ කරන්නට දහතුන් වසරක් ගත විය. 2ඔහු, “ලෙබනොන් වන මන්දිරය” රියන් සියයක්#7:2 මීටර් 45ක් පමණ. දිගින් ද රියන් පනහක්#7:2 මීටර් 23ක් පමණ. පළලින් ද රියන් තිහක්#7:2 මීටර් 14ක් පමණ. උසින් ද යුතු ව දේවදාර ලී කණු පේළි හතර පිට වූ දේවදාර ලී බාල්කවලින් සෑදී ය. 3එහි වහලය සෑදී තිබුණේ කණු පිට පේළියකට පහළොව බැගින් බාල්ක හතළිස්පහක් පිට දේවදාර ලීවලිනි. 4එහි ජනෙල්, එකිනෙකට මුහුණ ලූ ජනෙල් කට්ටල තුන බැගින් විය. 5සියලු දොරකඩවලට සෘජුකෝණාස්‍රාකාර ලීස්තර තිබිණි. ඒවා ඉදිරිපස කොටසෙහි එකිනෙකට මුහුණ ලූ දොරකඩ කට්ටල තුන බැගින් තිබිණි#7:5 මෙම පදයේ හෙබ්‍රෙව් පාඨයේ තේරුම අවිනිශ්චිතයි..
6දිගින් රියන් පනහක්#7:6 මීටර් 23ක් පමණ. ද පළලින් රියන් තිහක් ද#7:6 මීටර් 14ක් පමණ. වූ කුලුනු-ශාලාව ඔහු සෑදී ය. ඒ ඉදිරිපිට පිවිසුම් ශාලාවක් ද ඒ ඉදිරිපිට කුලුනු ද එල්ලෙන වහලක් ද තිබිණි.
7තමා විනිශ්චය කටයුතු කරන පිණිස ඔහු සිංහාසන ශාලාව හෙවත් අධිකරණ ශාලාව ඉදි කළේ ය. එය බිම පටන් සීලිම දක්වා දේවදාර ලීවලින් වසනු ලැබිණ. 8තම වාසය සඳහා ඔහු ඒ සමාන සැලැස්මෙන් යුතු මන්දිරයක් එම ශාලාවට පිටුපසින් අනෙක් මළුවේ ඉදි කළේ ය. සාලමොන් තමා ආවාහ කර ගෙන සිටි පාරාවෝගේ දියණියට ද මේ ශාලාව හා සමාන මන්දිරයක් ඉදි කොට දුන්නේ ය.
9මේ ගොඩනැගිලි සියල්ල පිටත පටන් මහ මළුව දක්වාත්, අත්තිවාරමේ පටන් පියස්සේ කෙළවර දක්වාත් සාදන ලද්දේ නියමිත මිමිවලට අනුව, කියතෙන් ඉරා, ඇතුළත හා පිටත හොඳින් ඔප මට්ටම් කර, සකස් කළ වටිනා ගල්වලිනි. 10අත්තිවාරම දමා තිබුණේ වටිනා, විශාල ගල්වලිනි. ඉන් සමහරක් රියන් දහයක්#7:10 මීටර් 4.5ක් පමණ. 23 පදය එසේ ම ය. ද සමහරක් රියන් අටක්#7:10 මීටර් 3.6ක් පමණ. ද විය. 11ඒවා පිට නියමිත මිමිවලට අනුව කැපූ වටිනා ගල් සහ දේවදාර බාල්ක විය. 12ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඇතුළු මළුවත්, එහි පිවිසුම් ශාලාවත් සාදා තිබූ පරිදි, මහ ගෘහ මළුව වටා තිබූ බිත්තිය, කැපූ ගල් පේළි තුනකින් ද කපා සකස් කළ දේවදාර බාල්ක පේළියකින් ද යුතු විණි.
දේව මාලිගයේ භාණ්ඩ
13සාලමොන් රජු පණිවුඩ යවා, තීර් වෙතින් හීරාම්#7:13 හෙවත් හූරාම් ගෙන්වා ගත්තේ ය. 14ඔහුගේ වැන්දඹු මව නෆ්තලී ගෝත්‍රික වූ අතර තීර් වැසියකු වූ ඔහුගේ පියා ලෝකඩ ශිල්පියෙක් විය. හීරාම් සකල විධ ලෝකඩ වැඩවලට නිපුණ ශිල්පියෙකි. සාලමොන් රජු වෙත ආ ඔහු තමාට පවරන ලද සියලු කාර්යයන් කර දුන්නේ ය.
15ඔහු ලෝකඩ කුලුනු දෙකක් වාත්තු කළේ ය. එක් එක් කුලුනේ උස රියන් දහඅටකි. එකක වට ප්‍රමාණය රියන් දොළොසකි#7:15 මීටර් 8.1ක් උස, මීටර් 5.4ක් වට ප්‍රමාණය වේ.. 16ඔහු කුලුනු මුදුන් පිට තබන ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කළේ ය. ඒ එක් එක් පේකඩයක උස රියන් පහකි#7:16 ඒ මීටර් 2.3ක් පමණ; 23 පදයේ එසේ ම ය.. 17කුලුනු මුදුන් පිට ඇති පේකඩවල එකට වියන ලද මල්මාලා වැඩ සහිත සිත්තම් දැලක වැඩ දමා තිබිණි. ඒ එක් එක් පේකඩය පිට ඒවා හත බැගින් තිබිණි. 18ඔහු කුලුනු මුදුන් පිට ඇති පේකඩවල එකට වියන ලද මල්මාලා වැඩ සහිත සිත්තම් දැල වටා, දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදී ය. ඔහු එක් එක් පේකඩයට එසේ කළේ ය. 19පිවිසුම් ශාලාවේ තිබූ කුලුනු මුදුන් පිට ඇති පේකඩ, මානෙල් මල්වල හැඩය ගත්තේ ය. එහි උස රියන් හතරකි#7:19 මීටර් 1.8ක් පමණ. 38 පදයේ එලෙස ම ය.. 20කුලුනු මුදුන් පිට ඇති පේකඩ පිට වූ සිත්තම් දැල් ළඟ වූ ගෝලාකාර හැඩැති කොටසට ඉහළින් දෙළුම් ගෙඩි දෙසියයක් වටේට තිබිණි. 21ඔහු දේව මාලිගයේ පිවිසුම් ශාලාව ළඟ කුලුනු දෙක සිටුවී ය. ඔහු දකුණු පස තිබූ කුලුනට යාකින්#7:21 යාකින් යන්නෙහි විය හැකි අර්ථය වන්නේ උන්වහන්සේ ස්ථාපිත කරන සේක. යන නම ද උතුරු පස තිබූ කුලුනට බෝවස්#7:21 බෝවස් යන්නෙහි විය හැකි අර්ථය වන්නේ උන්වහන්සේ තුළ ශක්තිය තිබේ යන නම ද තැබී ය. 22පේකඩ මුදුන් මානෙල් මල් හැඩයෙන් යුතු විය. කුලුනුවල කරන්නට තිබූ කාර්යයන් මෙසේ නිම විය.
23ඔහු වාත්තු ලෝහයෙන් මුහුදු තටාකය සෑදී ය. වටකුරු හැඩයට සෑදූ එහි ගැටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා රියන් දහයකි. රියන් පහක්#7:23 මීටර් 2.3ක් පමණ උස වූ එහි පරිධිය රියන් තිහකි. 24එහි ගැටිය යට වටේට ම රියනකට කැකිරි ගෙඩි දහයක් බැගින් විය. කැකිරි ගෙඩි මුහුදු තටාකය සමඟ ම දෙපේළියකට තනි වාත්තුවෙන් නිම කෙරිණි.
25මුහුදු තටාකය, ගව රූප දොළොසක් මත පිහිටිණ. තිදෙනෙක් උතුරු දෙසට ද තිදෙනෙක් බස්නාහිර දෙසට ද තිදෙනෙක් දකුණු දෙසට ද තිදෙනෙක් නැගෙනහිර දෙසට ද මූණ ලා සිටියහ. මුහුදු තටාකය උන් පිට තිබිණ. උන්ගේ පසු ගාත් ඇතුළු පැත්තට පිහිටා තිබිණ. 26එහි ගනකම අත්ලකි. එහි ගැටිය කුසලාන් ගැටියක මෙන් මානෙල් මලක හැඩාකාර විය. එහි බාත් දෙදහසක්#7:26 ලීටර් 44,000ක් පමණ, ග්‍රීක පිටපත්වල මෙම වාක්‍ය නොමැත. අල්ලයි.
27ඔහු රඳවන දහයක් ලෝකඩින් සෑදුවේ ය. ඒ එක් එක් රඳවනයක දිග රියන් හතරකි. පළල රියන් හතරකි. උස රියන් තුනකි. 28ඒ රඳවන සෑදුවේ මෙසේ ය: ඒවායේ රාමුවල කෙළින් අතට පනේල සවි කොට තිබිණි. 29රාමු ඇතුළත පනේලවල මෙන් ම රාමුවල ද සිංහ, ගව හා කෙරුබ් රූප, වැඩ දමා තිබිණි. සිංහ හා ගව රූපවලට ඉහළින් හා පහළින් මාලා කර්ම කැටයමක් තිබිණි. 30ඒ හැම රඳවනයක ම ලෝකඩ රෝද හතරක් හා ලෝකඩ ඇක්සල්-කූරක් ද, වටේට මාලාකම් කැටයමෙන් යුතු ආධාරක හතරක් පිට තැබූ බේසමක් ද තිබිණි. 31රඳවනයේ ඇතුළත රියනක් ගැඹුරැති වෘත්තාකාර රාමුවක් සහිත විවරයක් විය. මේ විවරය වෘත්තාකාර ය. එහි පතුල රියන් එකහමාරකි#7:31 සෙන්ටිමීටර් 68ක් පමණ. 32 පදයේ ද එසේ ම ය.. එහි විවරය වටා කැටයම් විය. රඳවනවලට ගසා තිබූ පනේල රවුම් නො ව හතරැස් ය. 32රෝද හතර වූයේ පනේලවලට යටිනි. රෝද සවි කරන ඇක්සල්-කූරු සිටුවනයට සවි කොට තිබිණි. ඒ එක් රෝදයක විෂ්කම්භය රියන් එකහමාරකි. 33එම රෝද අශ්ව-රථ රෝද වැන්න; ඇක්සල්-කූරු, රෝද-පට්ටම්, ස්පෝක් කූරු හා චක්‍ර නාභි#7:33 බොස් ගෙඩි වාත්තු කර සාදන ලදී.
34ඒ එක් එක් රඳවනයේ කොන් හතරේ ආධාරක හතරක් විය. මෙම ආධාරක හා රඳවනය තනි නිමැවුමකි. 35රඳවනයේ මුදුනේ රියන් භාගයක්#7:35 සෙන්ටිමීටර් 23ක් පමණ වේ. උස වෘත්තාකාර ලීස්තරයක් විය. ආධාරක හා පනේල රඳවනයේ මුදුනට සම්බන්ධ කර තිබිණි. 36ඔහු ආධාරක හා පනේල මතු පිට ඉඩ ඇති තැන්වල කෙරුබිම්, සිංහයින් හා ඉඳි ගස් ද වටේට මාලා කර්ම ද කැටයම් කර තිබිණි. 37රඳවන දහය ඔහු සෑදුවේ ඒ අයුරිනි. එක ම අච්චුවේ වාත්තු කරන ලද ඒ සියල්ල, එක ම මිම්මෙන් සහ එක ම හැඩයෙන් යුතු විය.
38ඉන්පසු ඔහු ලෝකඩ බේසම් දහයක් සෑදී ය. ඒ එක් එක් බේසමට බාත් හතළිහක්#7:38 ලීටර් 880ක් පමණ වේ. අල්ලන අතර, එක් බේසමක් පළලින් රියන් හතරක් විය. රඳවන දහයෙන් එක් එක් සිටුවනයට එක් බේසමක් බැගින් තිබිණි. 39ඔහු රඳවන පහක් ගෘහයේ දකුණු පස ද රඳවන පහක් වම් පස ද තැබී ය. ඔහු මුහුදු තටාකය දකුණු දෙසින්, ගෘහයේ දකුණු කෙළවරේ තැබී ය. 40හීරාම් හැළි, හැඳි හා පාත්‍ර ද සෑදී ය. තවද හීරාම්, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි, සාලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කළේ ය:
41කුලුනු දෙක;
පාත්‍ර, කුලුනු මුදුන් පිට වූ පේකඩ දෙක; කුලුනු මුදුන් පිට වූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන දැල් වැඩ යුගල,
42දැල් වැඩ දෙක සඳහා දෙළුම් ගෙඩි හාරසියයක්; කුලුනු මුදුන් පිට තිබූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන එක් දැල් වැඩකට දෙළුම් ගෙඩි පේළි දෙක බැගින්;
43සිටුවන-තට්ටු දහය හා සිටුවන-තට්ටු මත බේසම් දහය;
44මුහුදු තටාකය හා ඊට යටින් ගව රූප දොළොස.
45හැළි, හැඳි, පාත්‍ර යන මේ සියලු භාණ්ඩ
සාලමොන් රජු වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා හීරාම් සෑදුවේ ඔප දැමූ ලෝකඩවලිනි. 46රජු මේ භාණ්ඩ වාත්තු කරවූයේ යොර්දාන් මිටියාවතේ සුක්කොත් හා සාරෙතාන් අතර මැටි බිමේ ය. 47සාලමොන් මේ සියලු දෑවල බර නො කිරා හැරියේ ය; මන්ද ඒවා අති මහත් ගණනක් විය. එබැවින් ලෝකඩවල බර කොතෙක්දැයි නිගමන නො විණ.
48සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඇති භාණ්ඩ සියල්ල ද සෑදී ය:
රන් පූජාසනය;
දේවාභිමුඛ රොටි තබන මේසය;
49පවිත්‍ර රනින් සෑදූ පහන් රුක් (ඒවායින් ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට දකුණු පසින් පහක් ද අනෙක් පහ වම් පසින් ද විය);
රනින් මල්, පහන් හා අඬු;
50පවිත්‍ර රනින් කළ බේසම්, පහන් තිර කපන කතුරු, පාත්‍ර, දීසි, දුම් භාජන
හා ඇතුළු කුටියේ, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් හා ගෘහයේ ප්‍රධාන ශාලාවේ දොරවල් සඳහා රනින් කළ සරනේරු යන මේවා ය.
51මෙසේ, ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් කළ වැඩ සියල්ල නිම විය. සාලමොන් රජු, තම පියා වූ දාවිත් විසින් කැප කර තිබූ දෑ ගෙනවුත්, රිදී, රන් හා සියලු භාණ්ඩ ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර තුළ තැන්පත් කළේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for 1 රාජාවලිය 7