1 කොරින්ති 10
10
ඉශ්රායෙල් ඉතිහාසයෙන් පාඩම්
1සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැම දෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැම දෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි. 2ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ. 3එක ම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ 4එක ම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක් ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය. 5එසේ වුව ද, ඔවුන් වැඩි දෙනකු දෙවියන්වහන්සේට ප්‍රසන්න වූයේ නැත. ඔවුහු පාළුකරයේ හෙළා දමනු ලැබූහ.
6ඒ දෑ සිදු වූයේ, ඔවුන් කළ ලෙස නපුරට අප ආශා නො වන පිණිස, අපට ආදර්ශ වශයෙනි. 7“ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ”#10:7 නික්ම 32;6 යි ලියා තිබෙන ලෙස: ඔවුන්ගෙන් ඇතමුන් සේ රූප වඳින්නන් නො වන්න. 8ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අප ලිංගික අනාචාරයේ නො ගැලිය යුතු ය. එයින් එක ම දවසේ ඔවුන්ගෙන් විසිතුන් දහස් දෙනෙක් වැටී ගියහ. 9ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ක්‍රිස්තුස්වහන්සේ#10:9 ක්‍රිස්තුස්වහන්සේ සමහර අත් පිටපත්වල ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ. 10ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, මැසිවිලි නො නගන්න. එසේ කිරීමෙන්, ඔවුහු විනාශකයාගෙන් විනාශ වූහ.
11ඒ දෑ ඔවුනට සිදු වූයේ ආදර්ශයක් වශයෙනි. ඒවා ලියනු ලැබ ඇත්තේ යුගවල කෙළවරට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමට ය. 12එබැවින්, තමා ස්ථිර ව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වග බලා ගනිත්වා! 13මිනිසාට පොදු පරීක්ෂා නො වන පරීක්ෂාවක්, ඔබ අල්ලා ගත්තේ නැත. දෙවියන්වහන්සේ විශ්වසනීය ය; දරන්න බැරි තරමට වඩා, ඔබ පරීක්ෂා කරනු ලබන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. තවද පරීක්ෂාව සමඟ එය දරා ගැනීමට ඔබට හැකි වන පිණිස, ඉන් මිදී යෑමේ මාර්ගය ද උන්වහන්සේ සලසා දෙන සේක.
නො ගැළපෙන සහභාගිත්වය
14එබැවින් මා ප්‍රේමණීයයනි, පිළිම රූප වෙතින් පැන දුවන්න. 15මා ඔබට කතා කරන්නේ, සිහි නුවණ ඇත්තනට මෙනි. මා පවසන දෑ ඔබ ම විමසා බලන්න. 16අප ආශිර්වාද කරන ආශිර්වාද කුසලානය ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළ සහභාගිත්වය නො වේ ද? අප කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සහභාගිත්වය නො වේ ද? 17ඇත්තේ එක රොටියක් බැවින්, බොහෝ දෙනකු වූ අපි එක ශරීරයකි; මන්ද අප හැම එක ම රොටියකට පංගුකාර වන බැවිනි.
18ඉශ්රායෙල් ජනයා ගැන සිතා බලන්න: යාග පූජා වළඳන්නන්, පූජාසනයට පංගුකාර වනවා නො වේ ද? 19එසේ නම් මා අදහස් කරන්නේ කුමක් ද? පිළිමවලට පිදූ ආහාර යමක්ය, පිළිම-රූපය යමක්ය කියා ද? 20නැත; මා අදහස් කරන්නේ මෙයයි; මිථ්‍යා දෘෂ්ටිකයින් පූජා කරන දෑ ඔවුන් ඔප්පු කරන්නේ යක්ෂාත්මයන්ට ය, දෙවියන්වහන්සේට නො වේ; ඔබ යක්ෂාත්මයන් සමඟ පංගුකාරයින් වනවාට මා කැමති නැත. 21ස්වාමින්වහන්සේගේ කුසලානෙන් හා යක්ෂාත්මයන්ගේ කුසලානෙන් බීමට ඔබට නුපුළුවන. ස්වාමින්වහන්සේගේ මේසයෙත්, යක්ෂාත්මයන්ගේ මේසයෙත් පංගුකාර වීමට ඔබට නුපුළුවන. 22අපි ස්වාමින්වහන්සේගේ ඊර්ෂ්‍යාව අවුස්සමු ද? උන්වහන්සේට වඩා අප බලවත් ද?
ඇදහිලිවන්තයාගේ නිදහස
23“හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයක් ම ප්‍රයෝජනවත් නැත. සැබවින් ම, “හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයින් ම වර්ධනය සැලසෙන්නේ නැත. 24කිසිවකු තමාගේ වාසිය ම නො ව, අන් අයගේ යහපත සොයා බැලිය යුතු ය.
25හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර මස් කඩේ විකුණන කවර දෙයක් වුව කෑමට ගන්න. 26මන්ද, “පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය.”#10:26 ගීතා 24;1
27නො ඇදහිලිවත් කෙනකු ඔබට ආහාර වේලකට ඇරියුම් කළ විටෙක, එහි යෑමට ඔබත් කැමති නම්, ඔබට පිළිගන්වන කවර දෙයක් වුව, හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර, භුක්ති විඳින්න. 28එහෙත්, “මේවා පිදේනියක් කොට පිදූ දෑ යැ” යි යමකු ඔබට පැවසුවොත්, එසේ කී අය නිසාත්, හෘදය සාක්ෂිය නිසාත් ඒවා කෑමෙන් වළකින්න. 29මා අදහස් කළේ, අනෙකාගේ හෘදය සාක්ෂියයි; ඔබගේ නො වෙයි. මගේ නිදහස අනෙකකුගේ හෘදය සාක්ෂියෙන් තීරණය කරන්නේ කුමට ද? 30මා භුක්ති විඳින්නේ ස්තුති දීම සමඟ නම්, මා ස්තුති දෙන දේ මා හෙළා දකින්නේ කුමට ද?
31එබැවින්, ඔබ කතත්, බොතත්, අන් කවර දෙයක් කරතත් ඒ සියල්ල දෙවියන්වහන්සේට මහිමය පිණිස කරන්න. 32යුදෙව්වන්ට, ග්‍රීකයින්ට හෝ දෙවියන්වහන්සේගේ සභාවට හෝ බාධාවක් නො වන්න. 33මම මගේ ම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකු ම හැම අයුරින් ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.
Currently Selected:
1 කොරින්ති 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: