1 ලේකම් 25
25
ගායක මඬුල්ල
1ආසාෆ්ගේ ද හේමාන්ගේ ද යෙදූතුන්ගේ ද පුත්‍රයන් වීණා, මහ වීණා හා අත්තාලම් වයමින් දිවැස් වැකි පැවසීමේ මෙහෙය සඳහා දාවිත් හා හමුදා නිලධාරීන් විසින් වෙන් කරන ලදහ. එම මෙහෙය ඉටු කළ අයගේ නාමාවලිය මෙසේ ය:
2ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන්:
සක්කූර්, යෝසෙප්, නෙතනියා හා අසරේලා ය. ආසාෆ්ගේ පුත්‍රයින් සිටියේ රජුගේ අධීක්ෂණය යටතේ දිවැස් වැකි පැවසූ ආසාෆ්ගේ අධීක්ෂණය යටතේ ය.
3යෙදූතුන්ගේ, ඔහුගේ පුත්‍රයින්ගෙන්:
ගෙදලියා, සෙරී, යෙෂායා, ෂිමෙයි, හෂබියා හා මත්තිතියා යන හයදෙනා තම පියා වූ යෙදූතුන්ගේ අධීක්ෂණය යටතේ සිටියහ. යෙදූතුන්, ස්වාමින්වහන්සේට ස්තුති දීමේදී හා ප්‍රශංසා කිරීමේදී වීණා භාවිත කරමින්, දිවැස් වැකි පැවසී ය.
4හේමාන්ගෙන්, ඔහුගේ පුත්‍රයින්ගෙන්:
බුක්කීයා, මත්තනියා, උස්සියෙල්, ෂුබායෙල් හා යෙරීමොත් ය; හනනියා, හනානී, එලියාතා, ගිද්දල්තී හා රොමම්තී-එසෙර් ය; යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් හා මහසීයොත් ය. 5(ඒ සියල්ලෝ ම රජුගේ අනාගතවක්තෘ වූ හේමාන්ගේ පුත්‍රයෝ ය. දෙවියන්වහන්සේගේ පොරොන්දුවට අනුව ඔහුට ඔවුන් දුන්නේ ඔහු උසස් කරන්නට ය. දෙවියන්වහන්සේ හේමාන්ට පුතුන් දාහතර දෙනකුත්, දූවරුන් තිදෙනකුත් දුන් සේක.)
6ඒ සියල්ලෝ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට අත්තාලම්, වීණා හා මහ වීණාවලින් ස්වාමින්වහන්සේගේ ගෘහයේ ගායනයට තම පියවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියහ.
ආසාෆ් ද යෙදූතුන් ද හේමාන් ද රජුගේ අධීක්ෂණය යටතේ සිටියහ. 7ඔවුන්ගේ නෑයින් ඇතුළු ඔවුන් සියල්ලෝ ස්වාමින්වහන්සේ උදෙසා පුහුණු කරන ලදුව, එහි සමර්ථ ව සිටියහ. ඔවුන්ගේ ගණන දෙසිය අසූ අටකි. 8බාලයා මෙන් මහල්ලා ද ගුරුවරයා මෙන් ගෝලයා ද එක ලෙස තම සේවා-කටයුතු සඳහා පස ඇට දැමූහ.
9පළමු පස ඇටය වැටුණේ ආසාෆ්ගෙන් වූ යෝසෙප්ට ය. ඔහුටත්, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයන් යන දොළොස්දෙනකුට ය.
දෙවැන්න ගෙදලියාට ය. ඔහුටත්, සහෝදරයින් හා ඔහුගේ පුත්‍රයින් යන දොළොස්දෙනකුට ය.
10තුන්වැන්න සක්කූර්ට,
ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
11සිවුවැන්න ඉස්රීට,

12පස්වැන්න නෙතනියාට ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
13හයවැන්න බුක්කීයාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
14හත්වැන්න යෙසරේලා, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
15අටවැන්න යෙෂායාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
16නවවැන්න මත්තනියාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
17දහවැන්න ෂිමෙයිට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
18එකොළොස්වැන්නා අසරේල්ට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
19දොළොස්වැන්න හෂබියාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
20දහතුන්වැන්න ෂුබායෙල්ට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
21දාහතර වැන්න මත්තිතියාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
22පහළොස්වැන්න යෙරේමොත්ට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
23දහසයවැන්න හනනියා, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
24දාහත්වැන්න යොෂ්බෙකාෂාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
25දහඅටවැන්න හනානීට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
26දහනවවැන්න මල්ලෝතීට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
27විසිවැන්න එලියාතාට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
28විසිඑක්වැන්න හෝතීර්ට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
29විසිදෙවැන්න ගිද්දල්තීට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් දොළොස්දෙනකුට ය.
30විසිතුන්වැන්න මහසීයොත්ට, ඔහුගේ පුත්‍රයින් හා ඔහුගේ සහෝදරයින් යන දොළොස්දෙනකුට ය.
31විසිහතරවැන්න රොමම්තී-එසෙර්ට,

Currently Selected:
1 ලේකම් 25: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: