YouVersion Logo
Search Icon

1 ලේකම් 26

26
දොරටුපාලයෝ
1දොරටුපාල සේවා පන්ති:
කෝරාවරුන්ගෙන්:
ආසාෆ්ගේ පුත්‍රයකු වූ කොරේගේ පුත් මෙෂෙලෙමියා ය. 2මෙෂෙලෙමියාට පුත්තු සිටියහ:
සෙකරියා කුලුඳුලා ය. යෙදීයයෙල් දෙවැන්නා ය.
සෙබදියා තුන්වැන්නා ය. යත්නියෙල් සිවුවැන්නා ය.
3ඒලාම් පස්වැන්නා ය. යෙහෝහානාන් හයවැන්නා ය.
එල්යෙහෝවේනයි හත්වැන්නා ය.
4ඔබේද්-ඒදොම්ට ද පුත්තු සිටියහ:
ෂෙමායා කුලුඳුලා ය. යෙහෝසාබාද් දෙවැන්නා ය.
යෝවා තුන්වැන්නා ය. සාකාර් සිවුවැන්නා ය.
නෙතනේල් පස්වැන්නා ය. 5අම්මියෙල් හයවැන්නා ය.
ඉස්සාකර් හත්වැන්නා ය. පෙයුල්ලෙතයි අටවැන්නා ය.
(මන්ද දෙවියන්වහන්සේ, ඔහුට ආශිර්වාද කර තිබුණි.)
6ඔහුගේ පුත් ෂෙමායාට ද පුත්තු සිටියහ; ඔවුහු මහ බලවත් මිනිසුන් වූ බැවින්, තම පියාගේ පෙළපතේ ප්‍රධානීන් වූහ. 7ෂෙමායාගේ පුත්තු:
ඔත්නී, රෙෆායෙල්, ඕබේද් හා එල්සාබාද් ය.
ඔහුගේ නෑයින් වූ එලීහු හා සෙමකියා ද දක්ෂයින් වූහ.
8ඔවුන් සියල්ලෝ ඔබේද්-ඒදොම්ගෙන් පැවත ආහ. ඔවුහු ද ඔවුන්ගේ පුත්තු හා ඔවුන්ගේ සහෝදරයෝ වැඩ කිරීමෙහි සවි ශක්තිය ඇති දක්ෂයින් වූහ. ඔබේද්-ඒදොම්ගෙන් පැවත ආ සියල්ලෝ හැට දෙදෙනෙකි.
9මෙෂෙලෙමියාට දක්ෂ පුතුන් හා සහෝදරයින් දහඅට දෙනෙක් සිටියහ.
10මෙරාරීය හොසාට ද පුත්තු සිටියහ:
පළමු වැන්නා ෂිම්රී ය. (ඔහු කුලුඳුල් පුත්‍රයා නො වූව ද ඔහුගේ පියා ඔහු කුලුඳුලා ලෙස පත් කළේ ය.)
11දෙවැන්නා හිල්කීයා ය. තුන්වැන්නා ටෙබලියා ය.
සිවුවැන්නා සෙකරියා ය.
හොසාගේ පුතුන් හා සහෝදරයින් සියල්ලෝ දහතුන් දෙනෙකි.
12මෙම දොරටුපාල කණ්ඩායම්වල ප්‍රධානීන්ට, ඔවුන්ගේ සහෝදරයින්ට සේ ම, ස්වාමින්වහන්සේගේ ගෘහ සේවා සඳහා රාජකාරී තිබිණ. 13ඔවුන්ගේ පියවංශ මගින්, ලොකු කුඩා ඒ සියල්ලන් උදෙසා දොරටු සේවා සඳහා පස ඇට දමන ලදහ.
14නැගෙනහිර දොරටුවට පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය.
ඊළඟට පස ඇට දමනු ලැබුවේ ප්‍රඥාවත් උපදේශකයකු වූ ඔහුගේ පුත් සෙකරියාට ය. ඔහුට පස ඇටය වැටුණේ උතුරු එකට ය.
15දකුණ සඳහා පස ඇටය වැටුණේ ඔබේද්-ඒදොම්ට ය. ගබඩාව සඳහා පස ඇටය වැටුණේ ඔහුගේ පුතුන්ට ය.
16බස්නාහිර හා ඉහළ මාවතේ ඇති ෂල්ලෙකෙත් දොරටුවට පස ඇටය වැටුණේ ෂුප්පීම්ට හා හොසාට ය.
දොරටුපාලයෝ මුරයෙන් මුරයට සිටියෝ ය.
17නැගෙනහිර දිශාවේ දිනකට ලෙවීවරු හයදෙනෙක් ද
උතුරු දිශාවේ දිනකට හතර දෙනෙක් ද
දකුණු දිශාවේ දිනකට හතර දෙනෙක් ද
ගබඩාවට වරකට දෙදෙනෙක් ද සිටියහ.
18බස්නාහිර දිශාවේ මළුව#26:18 මෙම හෙබ්‍රෙව් වචනයේ අර්ථය පැහැදිලි නැත. ළඟ මාවතේ හතර දෙනෙක් ද මළුවෙහි දෙදෙනෙක් ද සිටියහ.
19කෝරාගෙන් පැවත එන්නවුන් වූ ද මෙරාරීගෙන් පැවත එන්නවුන් වූ ද දොරටුපාල සේවා පන්ති ඒවා ය.
භාණ්ඩාගාර නිලධාරීහු
20ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර හා කැප කළ භාණ්ඩ තිබූ භාණ්ඩාගාර බාර ව සිටියේ ය.
21ලාදාන්ගේ පුත්‍රයින් වූ ලාදාන්ට අයිති ගෙර්ෂොන් පුත්‍රයින් වන ගෙර්ෂොන් වංශික ලාදාන්ගේ පියවංශවල ප්‍රධානීන් වූයේ: යෙහීයෙලී ය, 22යෙහීයෙලීගේ පුත්‍රයින්, සේතාම් හා ඔහුගේ සහෝදරයා වූ යෝවෙල් ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර බාර ව සිටියහ.
23අම්රාම්වරුන්ගෙන්, ඉස්හාර්වරුන්ගෙන්, හෙබ්‍රොන්වරුන්ගෙන් හා උස්සියෙල්වරුන්ගෙන්:
24මෝසෙස්ගේ පුත් ගේර්ෂොම්ගෙන් පුත්‍රයකු වූ ෂෙබූයෙල්, භාණ්ඩාගාර බාර නිලධාරියා ය. 25ඔහුගේ සහෝදරයෝ: එලියේසර්ගෙන් ඔහුගේ පුත් රෙහබියා ය. ඔහුගේ පුත් යෙෂායා ය. ඔහුගේ පුත් යෝරාම් ය. ඔහුගේ පුත් සික්රී ය. ඔහුගේ පුත් ෂෙලොමොත් ය.
26මෙම ෂෙලොමොත් හා ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු ද පියවංශ ප්‍රධානීන් ද දහසේ හා සියයේ සෙන්පතීන් ද හමුදා අණ දෙන්නන් ද කැප කොට තිබූ සියලු භාණ්ඩාගාර බාර ව සිටියහ. 27ඔවුහු යුද්ධයේදී ලබා ගත් කොල්ලයෙන් කොටසක් ස්වාමින්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කිරීම පිණිස කැප කළහ. 28දිවැසිවර සාමුවෙල්, කීෂ්ගේ පුත් සාවුල්, නේර්ගේ පුත් අබ්නේර් හා සෙරූයාගේ පුත් යෝවාබ් කැප කළ සියල්ල-කැප කරන ලද ත්‍යාග සියල්ල ෂෙලොමොත්#26:28 ෂෙලොමොත් හෙබ්‍රෙව් ෂෙලොමිත් හා ඔහුගේ සහෝදරයින් බාරයේ විය.
29ඉස්හාර්වරුන්ගෙන්:
කෙනනියා හා ඔහුගේ පුත්‍රයෝ දේව මාලිගයෙන් බැහැර සේවා-කටයුතුවලට ඉශ්‍රායෙල් කෙරේ නිලධාරීන් හා විනිසුරුවන් වශයෙන් පත් කරනු ලදහ.
30හෙබ්‍රොන්වරුන්ගෙන්:
බලවත් මිනිසුන් එක්දහස් හත්සියයක් වූ හෂබියා හා ඔහුගේ සහෝදරයෝ යොර්දාන් ගඟට බස්නාහිර ස්වාමින්වහන්සේගේ සියලු වැඩ කටයුතුවලටත්, රජුගේ මෙහෙයටත් ඉශ්‍රායෙල්හි වගකීම ඉසුළූහ. 31හෙබ්‍රොන්වරුන්ගෙන්, හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ලේඛනවලට අනුව ඔවුන්ගේ ප්‍රධානියා වූයේ යෙරීයා ය.
(දාවිත්ගේ රාජ සමයේ, හතළිස් වෙනි වසරේ වාර්තා පරීක්ෂා කර බැලූ කල, ගිලියාද්හි යාසේර්හි හෙබ්‍රොන්වරුන් අතරේ දක්ෂ මිනිසුන් සිටින වග දැනගන්නට ලැබිණි. 32පියවංශ ප්‍රධානීන් වූ දක්ෂ සහෝදරයින් දෙදහස් හත්සියයක් යෙරියාට සිටියහ. දාවිත් රජු දෙවියන්වහන්සේට අදාළ කටයුතුවලටත්, රජුගේ කටයුතුවලටත් රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍ර වංශය ද කෙරෙහි ඔවුන් මුලාදෑනීන් කොට පත් කළේ ය.)

Currently Selected:

1 ලේකම් 26: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in