1 ලේකම් 24
24
පූජක පන්ති
1ආරොන් පුත්‍රයන්ගේ සේවා පන්ති මේවා ය:
ආරොන්ගේ පුත්‍රයෝ: නාදාබ්, අබීහූ, එලෙයාසර් හා ඊතාමර් ය. 2එහෙත් තම පියාට කලින් නාදාබ් හා අබීහූ මිය ගිය අතර ඔවුන්ට පුතුන් සිටියේ නැත. එබැවින් එලෙයාසර් හා ඊතාමර් පූජකයින් ලෙස මෙහෙ කළහ. 3එලෙයාසර්ගේ පුත්‍රයින්ගෙන් වූ සාදෝක්ගේ හා ඊතාමර් පුත්‍රයින්ගෙන් වූ අහිමෙලෙක්ගේ උදවු ඇතුව දාවිත් ඔවුන්ගේ මෙහෙයයේ කාර්ය-භාරයට ඔවුන් පත් කළේ ය. 4ඊතාමර්ගේ පුත්‍රයින්ට වඩා එලෙයාසර්ගේ පුත්‍රයින් අතර වැඩියෙන් ප්‍රධානීන් සිටිනු හමු වූ නිසා, එලෙයාසර්ගේ පුත්‍රයින්ගෙන් පියවංශ ප්‍රධානීන් දහසය දෙනකු යටතේ හා ඊතාමර්ගේ පුත්‍රයින්ගෙන් පියවංශ ප්‍රධානීන් අටදෙනකු යටතේ ඔවුහු සංවිධාන කරන ලදහ. 5පස ඇට දැමීමෙන් ඔවුහු අපක්ෂපාතී ව බෙදන ලදහ. මන්ද එලෙයාසර් හා ඊතාමර් යන දෙදෙනාගේ ම පුත්‍රයින් අතරේ ශුද්ධස්ථාන නිලධාරීන් ද දෙවියන්වහන්සේගේ නිලධාරීන් ද සිටි බැවිනි.
6ලෙවීයෙක් වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද බලධාරීන් ද පූජක සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද ලෙවීවරුන්ගේ හා පූජකයින්ගේ පෙළපත් ප්‍රධානීන් ද ඉදිරියේ ඔවුන්ගේ නම් ලේඛනගත කළේ ය. එක් පවුලක් එලෙයාසර්ගෙන් ද අනෙක ඊතාමර්ගෙන් ද යන වශයෙන් ගනු ලැබිණි.
7පළමු පස ඇටය වැටුණේ යෙහෝයාරීබ්ට ය.
දෙවැන්න යෙදායාට ය.
8තුන්වැන්න හාරිම්ට ය.
සිවුවැන්න සෙයොරීම්ට ය.
9පස්වැන්න මල්කීයා ට ය.
හයවැන්න මියාමින්ට ය.
10හත්වැන්න හක්කොස්ට ය.
අටවැන්න අබියාට ය.
11නවවැන්න යේෂුවාට ය.
දසවැන්න ෂෙකනියාට ය.
12එකොළොස් වැන්න එලියාෂීබ්ට ය.
දොළොස්වැන්න යාකීම්ට ය.
13දහතුන්වැන්න හුප්පාට ය.
දාහතර වැන්න යෙෂෙබෙයාබ්ට ය.
14පහළොස්වැන්න බිල්ගාට ය.
දහසයවැන්න ඉම්මේර්ට ය.
15දාහත්වැන්න හේසිර්ට ය.
දහඅටවැන්න හප්පිසෙස්ට ය.
16දහනවවැන්න පෙතහියාට ය.
විසිවැන්න යෙහෙස්කෙල්ට ය.
17විසිඑක්වැන්න යාකින්ට ය.
විසිදෙවැන්න ගාමුල්ට ය.
18විසිතුන්වැන්න දෙලායාට ය.
විසිහතරවැන්න මාසියාට ය.
19ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ආදි පියා වූ ආරොන්ට අණ කර තිබූ පරිදි ඔහු ලවා ඔවුන්ට පනවන ලද නියෝගයට අනුව ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔවුන් පිවිසීමේදී ඔවුන්ගේ මෙහෙයයේ නියම කරන ලද සේවය එසේ විය.
සෙසු ලෙවීවරු
20සෙසු ලෙවී පුත්‍රයෝ:
අම්රාම් පුත්‍රයින්ගෙන්: ෂුබායෙල් ය;
ෂුබායෙල්ගේ පුත්‍රයින්ගෙන්: යේදෙයා ය;
21රෙහබියාගේ එනම් ඔහුගේ පුත්‍රයන්ගෙන්: ප්‍රධානියා වූ ඉෂ්ෂීයා ය.
22ඉස්හාර්වරුන්ගෙන්: ෂෙලොමොත් ය;
ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන්: යහත් ය.
23හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ:
යෙරීයා පළමු වැන්නා ය. අමරියා දෙවැන්නා ය. යහසීයෙල් තුන්වැන්නා ය. යෙකමෙයාම් සිවුවැන්නා ය.
24උස්සියෙල්ගේ පුත්‍රයා: මීකා ය;
මීකාගේ පුත්‍රයන්ගෙන්: ෂාමීර් ය.
25මීකාගේ සහෝදරයා ඉෂ්ෂීයා ය;
ඉෂ්ෂීයාගේ පුත්‍රයන්ගෙන්: සෙකරියා ය.
26මෙරාරීගේ පුත්‍රයන්ගෙන්: මාලී හා මූෂී ය.
යාසියාගේ පුත්‍රයා: බෙනෝ ය.
27මෙරාරී පුත්‍රයෝ:
යාසියාගෙන්: බෙනෝ, ෂොහාම්, සක්කූර් හා ඉබ්රී ය.
28මාලීගෙන්: එලෙයාසර් ය. ඔහුට පුත්තු නො සිටියහ.
29කීෂ්ගෙන්: කීෂ්ගේ පුත්‍රයා: යෙරාමෙයෙල් ය.
30මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් හා යෙරීමොත් ය.
තම පියවංශවලට අනුව ලෙවීවරු ඔවුහු ය.
31ඔවුහු ද ආරොන්ගෙන් පැවත එන්නන් වූ තම සහෝදරයන් කළ පරිදි, දාවිත් රජු ද සාදෝක් ද අහිමෙලෙක් ද ලෙවීවරුන්ගේත් පූජකයින්ගේත් පියවංශවල ප්‍රධානීන් ද අබියසදී පස ඇට දැමූහ. වැඩිමහල් සහෝදරයාගේ පියවංශ මෙන් ම බාල සහෝදරයාගේ පියවංශ ද එක සමාන ව සලකන ලදහ.
Currently Selected:
1 ලේකම් 24: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: