1 ලේකම් 12
12
දාවිත් වෙත ආ රණශූරයෝ
1කීෂ්ගේ පුත් සාවුල් ඉදිරිපිටින් සැඟවී ගොස් සිටි දාවිත් ළඟට සික්ලග් වෙත පැමිණි මිනිස්සු මොවුහු ය. යුද්ධයේදී ඔහුට උපකාර කළ ප්‍රබලයින් අතරේ ඔවුහු සිටියහ. 2දුණුවායින් වූ ඔවුහු හී විදින්නට ද දකුණතින් හා වමතින් ගල් විදින්නට ද සමත් වූහ; ඔවුහු බෙන්යමින් වංශයේ සාවුල්ගේ නෑයින් වූහ.
3ඔවුන්ගේ ප්‍රධානියා වූයේ අහියේසෙර් ය; ඊළඟට යෝවාෂ් ය. ඒ දෙදෙනා ගිබෙයාහි ෂෙමායාගේ පුත්‍රයින් ය;
අස්මාවෙත්ගේ පුත්‍රයින් වූ යෙසීයෙල් හා පෙලෙට් ය;
බෙරාකා, අනාතොත්හි යේහූ, 4තිස් දෙනාගේ නායකයකු ද තිස්දෙනා අතරේ බලවතකු ද වූ ගිබෙයොන්හි ඉෂ්මායා ය;
යෙරමියා, යහසීයෙල්, යෝහානාන්, ගෙදේරාහි යෝසාබාද්, 5එලූසයි, යෙරීමොත්, බෙයලියා, ෂෙමරියා හා හරුෆීය ෂෙෆටියා ය;
6කොර්හී වංශිකයින් වූ එල්කානා, ඉෂ්ෂීයා, අසරියෙල්, යෝවෙසෙර් හා යාෂොබෙයාම් ය;
7ගෙදෝර්හි යෙරොහාම්ගේ පුතුන් වූ යොවේලා හා සෙබදියා ය.
8ගාද්වරුන්ගෙන් ඇතමෙක් දාවිත් වෙත පාළුකරයේ බළකොටුවට වෙන් ව ආහ. අභීත රණශූරයින් වූ ඔවුහු සටනට සූදානම්, පලිහ හා හෙල්ලය ශූර ලෙස හසුරුවන්නට හැකි අය වූහ. සිංහ මුහුණු වැනි මුහුණු හිමි ඔවුහු ගිරිකඳුරුවල කුරංග මුවන් මෙන් ජවසම්පන්න වූහ.
9ඒසෙර් ප්‍රධානියා ය.
ඔබදියා දෙවැන්නා ය. එලියාබ් තුන්වැන්නා ය.
10මිෂ්මන්නා සිවුවැන්නා ය. යෙරමියා පස්වැන්නා ය.
11අත්තයි සවැන්නා ය. එලියෙල් හත්වැන්නා ය.
12යෝහානාන් අටවැන්නා ය. එල්සාබාද් නවවැන්නා ය.
13යෙරමියා දසවැන්නා ය. මක්බන්නයි එකොළොස්වැන්නා ය.
14ඒ ගාද්වරු හමුදා සෙන්පතීන් වූහ. සුළු ම තැනැත්තා සිය දෙනෙක් ද ශ්‍රේෂ්ඨ ම තැනැත්තා දහස් දෙනෙක් ද සේ බලවත් විය. 15පළමු මස, යොර්දාන් නදියේ සියලු ඉවුරු පිටාර ගලමින් තිබියදී එය තරණය කර, මිටියාවත්වල විසූ හැම දෙනා නැගෙනහිරටත්, බස්නාහිරටත් පලවා හැරියේ ඔවුහු ය.
16බෙන්යමින් හා යූදා මිනිසුන් ඇතැම් දෙනෙක් ද දාවිත් වෙත බළකොටුවට ආහ. 17දාවිත් ඔවුන් මුණගැසෙන්නට පිටතට ගොස්, ඔවුන් අමතමින්, “ඔබ මා වෙත ආවේ සාමයෙන් මට උදව්වට නම්, මම මුළු හදින් ඔබ පිළිගනිමි. එහෙත් මා අත කිසි වරදක් නො තිබියදීත් ඔබ ආවේ මගේ සතුරන් අතට මා හසුකර දෙන්නට නම්, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඒ ගැන බලා, ඔබට තරවටු කරන සේක්වා” යි පැවසී ය.
18එවිට තිස් දෙනාගේ ප්‍රධානී අමාසයි මත ආත්මයාණන් පැමිණි කල ඔහු,
“එම්බා දාවිත්, අප ඔබගේ ය.
අප ඔබ සමඟ ය; එම්බා යෙස්සේගේ පුත්‍රය,
සාමය ය; ඔබට සාමය ය;
ඔබට උපකාර කරන්නන්ට සාමය ය.
මන්ද ඔබේ දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන සේකැ” යි
පැවසී ය.
එබැවින් දාවිත් ඔවුන් පිළිගෙන, ඔවුන් තම භට පිරිස්වල නිලධාරීන් ලෙස පත් කළේ ය.
19දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට එරෙහිව සටනට ආ කල, මනස්සේ මිනිසුන් ඇතමෙක් ඔහුට එකතු වූහ. එහෙත් සටන සඳහා පිලිස්තිවරුන්ට උදවු කළේ නැත. මන්ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණ කොට, “ඔහු තම හාම්පුතා වන සාවුල්ට එකතු වූවොත් අපේ ජීවිත අනතුරට පත් වනු ඇතැ” යි පවසා, ඔහු පිටත් කර හැරියහ. 20දාවිත්, සික්ලග්ට ගිය කල, ඔහුට එකතු වූ මනස්සේ මිනිසුන් මොවුහු ය. මනස්සේ දහසක බළ ඇණිවල නායකයින් වූ අද්නා, යෝසාබාද්, යෙදීයයෙල්, මිකායෙල්, යෝසාබාද්, එලීහු හා සිල්ලෙතයි ය. 21ඔවුහු කොල්ලකාර හමුදාවලට එරෙහිව දාවිත්ට සහයෝගය දුන්හ. මන්ද ඔවුන් සියල්ලෝ අභීත රණශූරයින් ව ඔහුගේ හමුදාවේ අණ දෙන්නන් ව සිටියහ. 22දෙවියන්වහන්සේගේ හමුදාව වැනි බලවත් හමුදාවක් දාවිත් සතු වන තුරු ඔහුට සහාය වන්නට ජනයා දවසින් දවස ඔහු වෙත ආහ.
හෙබ්‍රොන්හි දී ජනයා දාවිත්ට එකතුවීම
23 ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, සාවුල්ගේ රජකම දාවිත්ට පවරා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව හෙබ්‍රොන්හි ඔහු වෙත ආ මිනිසුන්ගේ ගණන් මෙසේ ය:
24පලිහත්, හෙල්ලයත් දැරූ, යුද්ධයට සන්නද්ධ වූ යූදා ජනයාගේ ගණන හයදහස් අටසියයකි.
25යුද්ධයට සූදානම්, රණශූරයින් වූ සිමියොන් ජනයාගේ ගණන හත්දහස් එකසියයකි.
26ලෙවී ජනයාගේ ගණන හාරදහස් හයසියයකි. 27ආරොන් පියවංශයෙහි නායකයා වූ යෙහෝයාදා හා ඔහු සමඟ මිනිසුන් තුන්දහස් හත්සියයක් ද 28අභීත යොවුන් රණශූරයකු වූ සාදෝක් හා ඔහුගේ පියවංශයෙන් නිලධාරීහු විසි දෙදෙනෙක් ද ඊට ඇතුළත් විය.
29සාවුල්ගේ නෑසියන් වූ බෙන්යමින් ජනයාගේ ගණන තුන්දහසකි. ඔවුන්ගෙන් වැඩිදෙනා ඒ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂපාතී ව සිටියහ.
30අභීත රණශූරයින් ව තම පියවංශවල කීර්තිමත් මිනිසුන් ව සිටි එප්‍රායිම් ජනයාගේ ගණන විසිදහස් අටසියයකි.
31දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස නම් සඳහන් කරන ලද මනස්සේ අර්ධ ගෝත්‍ර වංශයේ ජනයාගේ ගණන දහඅට දහසකි.
32කාල වකවානු පිළිබඳ දැනුමැති, ඉශ්රායෙල් ජනතාව කවරක් කළ යුතුදැයි දැන සිටි ප්‍රධානීන් වූ ඉස්සාකර් ජනයාගේ ගණන දෙසීයකි. ඔවුන්ගේ නෑසියන් සියල්ලෝ ම මොවුන්ගේ අණසක යටතේ සිටියහ.
33මුළු පක්ෂපාතීත්වය ඇතුව දාවිත්ට උපකාර කරන්නට හැම ආකාර යුධ අවියට හුරු වූ යුද්ධයට සූදානම්, පලපුරුදු සෙබළුන් වූ සාබුලොන් ජනයාගේ ගණන පනස්දහසකි.
34නිලධාරීන් දහසක් හා පලිහත්, හෙල්ලයත් දැරූ නෆ්තලී ජනයාගේ ගණන තිස්හත් දහසකි.
35යුද්ධයට සූදානම්, දාන් ජනයාගේ ගණන විසිඅට දහස් හයසියයකි.
36යුද්ධයට සූදානම්, පලපුරුදු සෙබළුන් වූ ආෂෙර් ජනයාගේ ගණන හතළිස්දහසකි.
37යොර්දාන් ගඟෙන් එතෙර සිටි රූබෙන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේ අර්ධ ගෝත්‍ර වංශයෙන් ද සියලු යුද්ධායුදවලින් සන්නද්ධ වූවන්ගේ ගණන එක්ලක්ෂ විසිදහසකි.
38ඒ සියල්ලෝ ම යුද්ධ පිළිවෙළට සටනට සැරසුණු රණශූරයින් ය.
ඔවුහු මුළු ඉශ්රායෙල් ජනයා කෙරෙහි දාවිත් රජ කරවන්නට මුළු කැමැත්තෙන් හෙබ්‍රොන් වෙත ආහ. සෙසු සියලු ඉශ්රායෙල් ජනයා ද දාවිත් රජ කරවන්නට එක්සිත් ව සිටියහ. 39ඒ මිනිස්සු කමින්-බොමින් දාවිත් සමඟ දින තුනක් ගත කළහ. මන්ද ඔවුන්ගේ සහෝදරයින් ඔවුන් වෙනුවෙන් ආහාර පාන සපයා තිබිණි. 40තවද ඉස්සාකර්, සාබුලොන් හා නෆ්තලී වැනි දුර ඈත පළාත්වල සිට ඔවුන්ගේ අසල්වාසීහු බූරුවන්, ඔටුවන්, අශ්වතරයන් හා ගොනුන් පිට ආහාර පටවාගෙන ආහ. පිටි මහත් ප්‍රමාණයක් ද අත්තික්කා කැටි හා මිදි පොකුරු ද මිදි යුෂ හා තෙල් ද ගවයන් හා බැටළුවන් ද මහත් ප්‍රමාණයක් එහි තිබිණි. මන්ද ඉශ්රායෙල් තුළ ප්‍රීතිය ඇති විය.
Currently Selected:
1 ලේකම් 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: