1 ලේකම් 11
11
නව රාජාභිෂේකය
1ඉන්පසු මුළු ඉශ්රායෙල් දාවිත් වෙත හෙබ්‍රොන්ට එක් රැස් ව, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. 2සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; ඔබ මගේ ඉශ්රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ.
3ඉශ්රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. එවිට ඔවුන් ඉශ්රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළේ ස්වාමින්වහන්සේ සාමුවෙල් මගින් පොරොන්දු වූ පරිදි ය.
දාවිත් යෙරුසලම අත්පත් කර ගනියි
4දාවිත් හා සියලු ඉශ්රායෙල්වරු යෙරුසලමට හෙවත් යෙබූස්ට ගමන් ගත්හ. ඒ දේශයේ විසූවෝ යෙබූසිවරු ය. 5යෙබූසිවරු දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුල් වෙනවා එහෙම නො වෙයි” කීහ. එහෙත් දාවිත් සියොන් බළකොටුව අල්ලා ගත්තේ ය. එය දාවිත් පුරවරයයි.
6දාවිත් කතා කොට, “පළමුවෙන් යෙබූසිවරුන්ට පහර දෙන කවුරු වුවත් ප්‍රධානියා හා අණ දෙන්නා වන්නේ යැ” යි කීවේ ය; සෙරූයාගේ පුත් යෝවාබ් පළමු ව නැගිට ගොස්, අණ දෙන්නා බවට පත් විය.
7දාවිත් බළකොටුවේ පදිංචි විය. එබැවින් එය දාවිත් පුරය නමින් හැඳින්විණි. 8ඔහු මිල්ලෝ#11:8 මිල්ලෝ එනම් පස් පිර වූ රැඳවුම් පවුරු පටන් වටේට පුරය ගොඩ නැගී ය. පුරයේ ඉතිරි කොටස යෝවාබ් පිළිසකර කළේ ය. 9සේනාංකවල ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින් ඔහු වඩ වඩා බලවත් විය.
දාවිත්ගේ ප්‍රබල රණශූරයින්
10දාවිත්ගේ බලවත් රණශූරයින් වූ ප්‍රධානීහු මොවුහු ය; ඉශ්රායෙල් ගැන ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ඉශ්රායෙල්වරු සියල්ලන් හා සමඟ ඔහුගේ රාජ්‍යයෙහි ඔහු රජකමට පත් කරවන්නට ඔවුහු ප්‍රබල සහයෝගයක් දුන්හ. 11දාවිත්ගේ බලවත් රණශූරයින්ගේ නාමාවලිය මෙසේ ය:
හක්මොන් වංශික යාෂොබෙයාම් ය, ඔහු නිලධාරීන්ගේ#11:11 නිලධාරීන්ගේ හෙවත් තිස් දෙනාගේ ප්‍රධානියා ය. එක් විටෙකදී ඔහු තම හෙල්ලය මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව ඔසවා, ඔවුන් මරා දැමී ය.
12ඔහු ළඟට අහෝහීය දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවත් රණශූරයින් තිදෙනාගෙන් කෙනෙකි. 13යුද්ධ කරන්නට පිලිස්තිවරුන් පස්දම්මීම්හි එකට රැස් වූ කල, ඔහු දාවිත් සමඟ සිටියේ ය. එතැන යවවලින් ගහන කෙතක් තිබිණි. හේවායෝ පිලිස්තිවරුන් වෙතින් පලා ගියහ. 14එහෙත් ඔහු කෙත මැද නො සැලී සිට එය රැක ගනිමින්, පිලිස්තිවරුන්ට පහර දී, ඔවුන් බිම හෙළී ය. ස්වාමින්වහන්සේ ඔවුන්ට මහත් ජයක් ගෙන දී ඔවුන් ගැලෙවූ සේක.
15ප්‍රධානීන් තිස්දෙනාගෙන් තුන් දෙනෙක් අදුල්ලාම් ගුහාවෙහි සිටි දාවිත් වෙත පර්වතයට ආහ. ඒ අතර පිලිස්ති හමුදාවක් රෙෆායිවරුන්ගේ මිටියාවතේ කඳවුරු බැඳ සිටියහ. 16එදවස්හි දාවිත් බළකොටුවේ සිටියේ ය. පිලිස්ති මුර හමුදාව බෙත්ලෙහෙමේ කඳවුරු බැඳ සිටියේ ය. 17දාවිත්ට දැඩි ආශාවක් ඇති වී, “අහෝ බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිඳෙන් කවුරුන් හෝ මට බොන්නට දිය ගෙනැවිත් දේ නම්!” යි කීවේ ය. 18එබැවින් මේ බලවත් රණශූරයින් තිදෙනා පිලිස්ති මුර පොළට කඩා වැද, ඒ මැදින් ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිදෙන් දිය ඇද, දාවිත් වෙත ඒවා ගෙන ආහ. එහෙත් දාවිත් ඒවා බොන්නට අකමැති ව, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඒවා වැගිරවී ය. 19“මේ දේ කිරීමෙන් දෙවියන්වහන්සේ මා වළකන සේක්වා! තමන්ගේ ජීවිත පරදුවට තබා, එහි ගිය මේ මිනිසුන්ගේ ලේ මම පානය කරම් දැ?” යි ඔහු පැවසී ය. එබැවින් ඔහු ඒ දිය බොන්නට අකමැති විය.
එම බලවත් රණශූරයින් තිදෙනාගේ වික්‍රම එබඳු ය.
20යෝවාබ්ගේ සහෝදරයා වූ අබිෂයි, තිදෙනාගේ ප්‍රධානියා විය. තම හෙල්ලය මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව ඔසවා ඔවුන් මරා දැමූ ඔහු මුල් තිදෙනා මෙන් කීර්තියට පත් විය. 21ඒ තිදෙනාට වඩා දෙගුණයක ගරුත්වයක් ඔහු හෙබවී ය. ඔහු ඔවුන්ගේ සෙන්පතියා ද විය. එහෙත් ඔහු ඔවුන් අතරට ඇතුළත් නො විණ.
22යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; ඔහු මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු ද මැරී ය. 23තවද ඔහු රියන් පහක් උස ඊජිප්තු ජාතිකයකු ගසා හෙළී ය. ඊජිප්තුවාගේ අතේ වියන්නකුගේ දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණ ද බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන, ඔහු මරා දැම්මේ ය. 24යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. 25තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය.
26බලවත් රණශූරයින් මොවුහු ය:
යෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය,
බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය,
27හරෝරීය ෂම්මොත් ය,
පෙලෝනීය හෙලෙස් ය,
28තෙකෝවාහි ඉක්කේෂ්ගේ පුත් ඊරා ය,
අනාතොත්හි අබියෙසෙර් ය,
29හුෂාතීය සිබ්බෙකයි ය,
අහෝහීය ඉලයි ය,
30නෙටොෆාහි මහරයි ය,
නෙටොෆාහි බානාගේ පුත් හේලෙද් ය;
31බෙන්යමින් ජනයාගේ ගිබෙයාවෙන් රීබයිගේ පුත් ඊතයි ය,
පිරාතෝනීය බෙනායා ය,
32ගාෂ්හි ගිරිකඳුරුවල හූරයි ය,
අර්බාතීය අබියෙල් ය,
33බර්හුමීය අස්මාවෙත් ය,
ෂාල්බොනීය එලියාබා ය,
34ගිසොන් වංශික හාෂේම්ගේ පුත්තු ය,
හරාරීය ෂාගේගේ පුත් යොනාතාන් ය,
35හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය,
ඌර්ගේ පුත් එලීෆල් ය,
36මෙකෙරාත් වංශික හේෆෙර් ය,
පෙලෝනීය අහියා ය,
37කර්මෙලීය හෙස්රෝ ය,
එස්බායිගේ පුත් නාරයි ය,
38නාතාන්ගේ සහෝදරයා වූ යෝවෙල් ය,
හග්රීගේ පුත් මිබ්හාර් ය,
39අම්මොනීය සෙලෙක් ය,
සෙරූයාගේ පුත් යෝවාබ්ගේ ආයුධ ගෙන යන්නා වන බෙයේරොතීය නහරයි ය,
40ඉත්රීය ඊරා ය,
ඉත්රීය ගාරේබ් ය;
41හිත්තීය ඌරියා ය,
ආලයිගේ පුත් සාබාද් ය,
42රූබෙන්වරුන්ගේ ප්‍රධානියා වූ රූබෙන් වංශික ෂිසාගේ පුත් අදීනා හා ඔහු සමඟ සිටි තිස්දෙනා ය,
43මයකාගේ පුත් හානාන් ය,
මිත්නි වංශික යෝෂාෆාට් ය,
44අෂ්තෙරාතීය උසීයා ය,
අරෝයෙර්හි හෝතාම්ගේ පුතුන් වූ ෂාමා හා යෙයීයෙල් ය,
45ෂිම්රීගේ පුත් යෙදීයයෙල් ය,
ඔහුගේ සහෝදර තීස් වංශික යෝහා ය,
46මහවීය එලියෙල් ය,
එල්නාම්ගේ පුතුන් වූ යෙරීබයි හා යෝෂවියා ය,
මෝවබ් ජාතික ඉත්මා ය,
47එලියෙල්, ඕබේද් හා මෙසොබයි වංශික යාසීයෙල් ය.
Currently Selected:
1 ලේකම් 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: