1 ලේකම් 13
13
ගිවිසුම් කරඬුව යළි ගෙන ඒම
1දාවිත් දහසේ හා සියයේ සෙන්පතීන් වූ හැම නායකයකු සමඟ ම සාකච්ඡා කළේ ය. 2ඉන් අනතුරුව ඔහු මුළු ඉශ්රායෙල් ජන සමාජය අමතා, “ඔබට මෙය යහපතකැයි පෙනේ නම්, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද මෙය නම්, පැමිණ අප හා එක්වන්න කියා මුළු ඉශ්රායෙල් දේශය පුරා සිටින අපගේ අනෙක් සහෝදරයන් වෙත ද ඔවුන්ගේ නගර හා තණ බිම්වල ඔවුන් සමඟ සිටින පූජකයින් හා ලෙවීවරුන් වෙත ද පණිවුඩයක් යවමු. 3අපි අපගේ දෙවියන්වහන්සේගේ කරඬුව අප වෙත යළි ගෙනෙමු. මන්ද සාවුල්ගේ රාජ සමයේදී අප එයින්#13:3 එයින් හෙවත් උන්වහන්සේගෙන් විමසුවේ නැතැ” යි පැවසී ය. 4මුළු ජනතාවගේ ඇස් හමුවේ එය කළ යුතු දෙයක් වග පෙනී ගිය බැවින්, එසේ කරන්නට මුළු ජන සමාජය ම එකඟ වූහ.
5එබැවින් දාවිත් දෙවියන්වහන්සේගේ කරඬුව කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස, ඊජිප්තුවේ ෂීහොර් ඔයේ සිට ලෙබෝ-හමාත් දක්වා විසූ සියලු ඉශ්රායෙල්වරුන් රැස් කළේ ය. 6දාවිත් හා ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල්වරු කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ස්වාමින්වහන්සේගේ නාමය හැඳින්වෙන දෙවියන්වහන්සේගේ කරඬුව යූදාට අයත් බාලා සිට හෙවත් කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස පිටත් ව ගියහ.
7ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව අබිනාදාබ්ගේ නිවසේ සිට අලුත් ගැලක තබාගෙන ගියෝ ය. උස්සා හා අහියෝ ගැල දැක්කුවෝ ය. 8දාවිත් හා සියලු ඉශ්රායෙල්වරු ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, අත්තාලම් හා හොරණෑ ද ඇතුව දෙවියන්වහන්සේ අබියස මුළු සවියෙන් ප්රමෝද වූහ.
9ඔවුන් කීදොන්ගේ කමත වෙත ළඟා වූ කල ගොනුන් පැකිළුණ බැවින්, ගිවිසුම් කරඬුව අල්ලන්නට උස්සා තම අත දිගු කළේ ය. 10එවිට ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, උන්වහන්සේ ඔහුට පහර දුන් සේක. එසේ වූයේ ඔහු තම අත කරඬුව මත තැබූ නිසා ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ මළේ ය.
11 ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝපයට පත් විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි.
12ඒ දවසේ දාවිත් දෙවියන්වහන්සේට භය වී, “දෙවියන්වහන්සේගේ කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ?” යි කී ය. 13එබැවින් දාවිත් කරඬුව තමා වෙත දාවිත් පුරයට ගෙන නො ගොස්, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. 14දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවැසියන් සමඟ ඔහුගේ නිවසේ තුන් මාසයක් තිබිණි. තවද ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ට ද ඔහු සතු සියල්ලට ද ආශිර්වාද කළ සේක.
Currently Selected:
1 ලේකම් 13: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: