YouVersion Logo
Search Icon

ගීතාවලිය 3

3
පිහිට පතා අලුයම යැදුම
දාවිත්ගේ ගීතයකි.
1 # 2 සාමු 15:13-17-22 සමිඳාණන් වහන්ස, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය;
මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය.
2“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.
3සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න.
මා මහිමය ඔබ ය;
ඔබ මා දිරි ගන්වන සේක.
4මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි;
එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5මම වැදහෙව නිදාගනිමි;
යළි අවදි වෙමි.
මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7සමිඳුනි, වැඩිය මැනව;
දෙවිඳුනි, මා මුදාලුව මැනව.
මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක;
දුදනන්ගේ දළ බිඳලන සේක.
8ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය.
ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 3