YouVersion Logo
Search Icon

ගණන් කථාව 27

27
දූවරුන්ගේ උරුම ගැන නීති
1ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය. 2ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන, 3“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ. 4ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.
5මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය. 6එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 7#ගණන් 36:2“ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය. 8නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය. 9ඔහුට දුවක් නැති නම්, ඒ උරුමය ඔහුගේ සහෝදරයන්ට දිය යුතු ය. 10සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය. 11ඔහුගේ පියාට සොහොයුරන් ද නැති නම් ඔහුගේ පියාගේ පවුලේ කිට්ටු ම නෑයෙකුට එය දිය යුතු ය. ඒ නෑයාට එය සින්නක්කරේට අයිති වනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම මෝසෙස් වන නුඹට අණ කළ පරිදි මේ ය. ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙය සදහට ම වලංගු නීතියක් විය යුතු ය”යි වදාළ සේක.
මෝසෙස්ගේ පදවියට ජෝෂුවා පත්වීම
(ද්වි.නී. 31:1-8)
12 # ද්වි.නී. 3:23-27; 32:48-52 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න. 13නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත. 14මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.) 15මෝසෙස් උන් වහන්සේට කතා කොට, 16“එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා! 17#1 රාජා 22:17; එසකි 34:5; මතෙ 9:36; මාක් 6:34එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.
18 # නික්ම 24:13 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න. 19ඉන්පසු පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරිපිට ඔහු සිටුවා, ඔවුන් බලාගෙන සිටිය දී ඔහුට වගකීම පවරන්න. 20මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න. 21#නික්ම 28:30; 1 සාමු 14:41; 28:6ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.” 22සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා, 23#ද්වි.නී. 31:23ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් කථාව 27