ජෝනා 4:6-9
ජෝනා 4:6-9 SNRV
දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය. එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය. තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය. එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.





