ජෝනා 4
4
දෙවියන් වහන්සේගේ අනුකම්පාව
1ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. 2#නික්ම 34:6ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි. 3#1 රාජා 19:4ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”
4සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක.
5එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය. 6දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය.
7එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය. 8තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.
9එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.
10එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්, 11තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.
Currently Selected:
ජෝනා 4: SNRV
Highlight
Share
Compare
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in