YouVersion Logo
Search Icon

රෝම 5:5-8

රෝම 5:5-8 NRSV

එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක. අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.