YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 22:1-4

1 සාමුවෙල් 22:1-4 NRSV

දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය. විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ. දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස්, මෝවබ් රජුට කතා කොට, “දෙවියන් වහන්සේ මට කරන්නට යන්නේ කුමක් දැ යි මා දැනගන්න තුරු මාගේ මවුපියන්ට ඔබ වෙත අවුත් සිටින්නට අවසර ලැබේ වා”යි කී ය. ඔහු මෝවබ් රජු වෙත ඔවුන් කැඳවාගෙන ගියේ ය. දාවිත් ගුහාවෙහි සැඟවී සිටි මුළු කාලය තුළ ඔව්හු රජු සමඟ වාසය කළහ.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 22:1-4