YouVersion Logo
Search Icon

ගීතාවලිය 62

62
දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසකිරීම
නායක වාද්‍යකරුටයි; යෙදූතුන්ගේ වෘත්තයටයි. දාවිත්ගේ ගීතයකි.
1මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි.
මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.
2මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය.
උන්වහන්සේ මාගේ බලකොටුවය;
මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
3මනුෂ්‍යයෙකු ඇල ගැසූ භිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?
4ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති;
ඔව්හු බොරුවට ප්‍රියවෙති;
තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.
5මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව;
මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
6මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය.
උන්වහන්සේ මාගේ බලකොටුවය;
මම නොසෙල්වන්නෙමි.
7මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය;
මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
8ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්;
උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්.
දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
9සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය.
තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත;
ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
10බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්.
වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.
11දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි;
එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
12ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය.
මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy