YouVersion Logo
Search Icon

ගීතාවලිය 61

61
සිත ක්ලාන්තව තිබෙද්දී විලාප කීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව;
මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි.
මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
3මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
4මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි.
ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
5මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක.
ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
6ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක.
ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
7ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය.
ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.
8එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy