YouVersion Logo
Search Icon

ශු. ලූක් 24:6-12

ශු. ලූක් 24:6-12 SROV

උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක. මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය. එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්, මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය. ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියාත් යොවන්නාත් යාකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය. මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය. නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවෙසට ගියේය.

Verse Image for ශු. ලූක් 24:6-12

ශු. ලූක් 24:6-12 - උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක. මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය. එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්, මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය. ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියාත් යොවන්නාත් යාකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය. මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය. නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවෙසට ගියේය.

Free Reading Plans and Devotionals related to ශු. ලූක් 24:6-12