ජෝබ් 12
12
යෝබ්ගේ උත්තරය
1එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2නොඅනුමානවම මිනිස්සු නම් නුඹලාය, නුඹලා නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.
3මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ;
මම නුඹලාට අඩු නැත.
එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?
4මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි.
ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
5සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය;
පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ.
6කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති;
දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.
7එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් නුඹට උගන්වනවා ඇත;
අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද නුඹට දන්වනවා ඇත.
8නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත;
මුහුදේ මත්ස්‍යයන් නුඹට කියාදෙනවා ඇත.
9 ස්වාමීන්වහන්සේගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?
10ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.
11උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
12ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.
13ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය;
මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.
14බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනගනු නොලබන්නේය;
උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය.
15උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිඳී යන්නේය;
නැවත උන්වහන්සේ ඒවා යැවුවාම ඒවාට පොළොව පෙරළෙන්නේය.
16බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය;
මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.
17උන්වහන්සේ මන්ත්‍රීන් වහල්කමට පමුණුවනසේක, විනිශ්චයකාරයන්ද මෝඩයන් කරනසේක.
18උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.
19උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.
20උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක;
වැඩිමහල්ලන්ගේ දැනගැන්මද ඉවත් කරනසේක.
21උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.
22උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.
23උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක.
උන්වහන්සේ ජාතීන් පැතිරයන්ට සලස්වනසේක, ඔවුන් වහල්කමටත් ගෙනයනසේක.
24උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.
25ඔව්හු එළිය නැතුව අඳුරේ අතගගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක.
Currently Selected:
ජෝබ් 12: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: