ජෝබ් 13
13
1බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මගේ කනින් අසා තේරුම්ගතිමි.
2නුඹලා දන්නා දේ මමත් දනිමි.
මම නුඹලාට අඩු නැත.
3සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.
4නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.
5නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය.
එය නුඹලාට ප්‍රඥාව වන්නේය.
6ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
7නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද?
උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?
8නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද?
දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද?
9උන්වහන්සේ නුඹලා විමසා බැලුවොත් හොඳද?
නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට නුඹලාට පුළුවන්ද?
10නුඹලා රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ නුඹලාට දඬුවම් කරනවාම ඇත.
11උන්වහන්සේගේ මහිමතාව නුඹලා භය නොගන්වන්නේද?
උන්වහන්සේගේ භයංකරකම නුඹලා පිටට නොපැමිණෙන්නේද?
12නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය.
13නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න.
සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
14මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද?
15උන්වහන්සේ මා මරනවා ඇත;
මට බලාපොරොත්තුවක් නැත්තේය;
එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
16මේකත් මාගේ ගැළවීම වන්නේය;
මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.
17මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද නුඹලාගේ කන්වල වැටේවා.
18මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කෙළෙමි;
මා නිදොස්වෙන බව මම දනිමි.
19මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද?
එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.
20කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
21ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව;
ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.
22එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි;
නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.
23මාගේ අපරාධ සහ පව් කොපමණද?
මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව.
24ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?
25හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද?
වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
26මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මාගේ ගණනට තබනසේක.
27ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නමුත්,
28ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක;
ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.
Currently Selected:
ජෝබ් 13: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: