YouVersion Logo
Search Icon

ජෝබ් 11

11
ශෝපර්ගේ පළමුවෙනි කථාව
1එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:
2වචන රාශියට උත්තරදිය යුතු නොවේද?
නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?
3මනුෂ්‍යයන් නුඹේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද?
නුඹ කවටකම්කරන කල කිසිවෙක් නුඹ ලජ්ජාවට නොපමුණුවන්නේද?
4මක්නිසාද:
මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුවෙහි පවිත්‍රව සිටිමියි නුඹ කියන්නෙහිය.
5අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, නුඹට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!
6ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද නුඹට පෙන්වනසේක්වා!
එබැවින් දෙවියන්වහන්සේ නුඹේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් නුඹට දඬුවම්කරන බව දැනගන්න.
7දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද?
සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?
8ඒක ස්වර්ගය මෙන් උසය;
නුඹට මක්කරන්ට පුළුවන්ද?
ෂෙයෝලට වඩා ගැඹුරුය;
නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?
9ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.
10උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?
11මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක;
කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක.
12නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
13නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.
14එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්,
15නුඹ කැලලක් නැතුව නුඹේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.
16එසේය, නුඹ නුඹේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.
17නුඹේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය;
අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.
18බලාපොරොත්තුව තිබෙන බැවින් නුඹ විශ්වාසයෙන් සිටින්නෙහිය;
එසේය, නුඹ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.
19නුඹ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය;
එසේය, බොහෝ දෙනෙක් නුඹෙන් කරුණාව සොයන්නෝය.
20නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.

Currently Selected:

ජෝබ් 11: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in