ජෙරෙමියා 31:31-32
ජෙරෙමියා 31:31-32 SROV
බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.





