YouVersion Logo
Search Icon

1 වංශාවලිය 25

25
ගායනාකාරයෝ
1තවද දාවිත්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හේමාන්ගෙත් යෙදූතුන්ගෙත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණාවලින්ද අත්තල්වලින්ද ගායනාකරන තැනැත්තන් සේවයට වෙන්කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළාවූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය: 2ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සක්කූර්ද යෝසෙප්ද නෙතනියාද අෂරේලාද යන ආසාප්ගේ පුත්‍රයෝය; මොව්හු රජුගේ අණ ලෙස ධර්මවාක්‍ය ගායනාකළාවූ ආසාප් යටතේ සිටියෝය. 3යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය. 4හේමාන්ගේ පුත්‍රයෝවූ බුක්කියා, මත්තනියා, උස්සීයෙල්, ෂෙබූයෙල්, යෙරීමොත් හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්තී-එසෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහසියොත්ය. 5ඔවුන් සියල්ලෝ දෙවියන්වහන්සේගේ කාරණා ගැන රජුගේ දර්ශනකාරයාව සිටියාවූ, හොරණෑවෙන් නාදකළාවූ හේමාන්ගේ පුත්‍රයෝය. දෙවියන්වහන්සේ හේමාන්ට පුත්‍රයන් දහහතරදෙනෙකුත් දූවරුන් තුන්දෙනෙකුත් දුන්සේක. 6මේ සියල්ලෝ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය පිණිස අත්තල්වලින්ද කුඩා වීණාවලින්ද මහ වීණාවලින්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගායනාකිරීමට තමුන්ගේ පියා යටතේ සිටියෝය; ආසාප්ද යෙදූතුන්ද හේමාන්ද රජු යටතේ සිටියෝය. 7ස්වාමීන්වහන්සේට ගීතිකාකිරීම ගැන ඉගෙනගෙන දැනගැන්ම ඇතුව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළුව ඔවුන්ගේ ගණන වනාහි දෙසිය අසූ අටදෙනෙක්ය. 8ඔව්හු ලොකු අය මෙන් කුඩා අයද ගෝලයා මෙන් ගුරුවරයාද තමුන්ගේ මෙහෙය ගැන පසඇට දැමුවෝය. 9පළමුවෙනි කොටස වැටුණේ ආසාප්ට අයිති යෝසෙප්ටය. දෙවෙනි එක ගෙදලියාද ඔහුද ඔහුගේ සහෝදරයන්ද පුත්‍රයන්ද යන දොළොස් දෙනෙකුටය. 10තුන්වෙනි එක සක්කූර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 11හතරවෙනි එක ඉශ්රීද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස් දෙනෙකුටය. 12පස්වෙනි එක නෙතනියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 13හවෙනි එක බුක්කියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනකුටය. 14හත්වෙනි එක යෙෂරේලාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 15අටවෙනි එක යෙෂායාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 16නවවෙනි එක මත්තනියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 17දහවෙනි එක ෂිමෙයිද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 18එකොළොස්වෙනි එක අසරේල්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 19දොළොස්වෙනි එක හෂබියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 20දහතුන්වෙනි එක ෂූබායෙල්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 21දහහතරවෙනි එක මත්තිතියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 22පහළොස්වෙනි එක යෙරේමොත්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 23දහසවෙනි එක හනනියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 24දහහත්වෙනි එක යොෂ්බෙකාෂාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 25දහඅටවෙනි එක හනානිද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 26දහනවවෙනි එක මල්ලෝතීද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 27විසිවෙනි එක එලියාතාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 28විසිඑක්වෙනි එක හෝතීර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 29විසිදෙවෙනි එක ගිද්දල්තීද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 30විසිතුන්වෙනි එක මහසියොත්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය. 31විසිහතරවෙනි එක රොමම්තී-එසෙර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy