YouVersion Logo
Search Icon

1 වංශාවලිය 24

24
පූජක පංක්ති නියමකිරීම
1ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය. 2නාදාබ් සහ අබීහු තමුන්ගේ පියාට පළමුවෙන් මැරුණෝය, ඔවුන්ට පුත්‍රයෝ නොසිටියෝය. ඒ නිසා එලෙයාසර් සහ ඊතාමාර් පූජක තනතුරේ වැඩ කළෝය. 3තවද දාවිත් එලෙයාසර්ගේ පුත්‍රයන්ගෙන් ශාදොක්ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහීමෙලෙක්ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් බෙදුවේය. 4ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය. 5දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ. 6ලෙවීයයෙක්වූ නෙතනේල්ගේ පුත්‍රවූ ෂෙමායා නම් ලේකම් රජුද අධිපතීන්ද ශාදොක් පූජකයාද අබියාතර්ගේ පුත්‍රවූ අහීමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම ලියුවේය. එලෙයාසර්ට එක පිය වංශයක්ද ඊතාමාර්ට එක පිය වංශයක්ද බැගින් ගන්නාලද්දේය. 7පළමුවෙනි පසඇටය වැටුණේ යෙහෝයාරීබ්ටය, දෙවෙනි එක යෙදායාටය; 8තුන්වෙනි එක හාරීම්ටය, හතරවෙනි එක සෙයොරීම්ටය; 9පස්වෙනි එක මල්කියාටය, හවෙනි එක මියාමින්ටය; 10හත්වෙනි එක හක්කොශ්ටය, අටවෙනි එක අබියාටය; 11නවවෙනි එක යේෂුවාටය, දසවෙනි එක ෂෙකනියාටය; 12එකොළොස්වෙනි එක එලියාෂීබ්ටය, දොළොස්වෙනි එක යාකීම්ටය; 13දහතුන්වෙනි එක හුප්පාටය, දසසතරවෙනි එක යෙෂෙබෙයාබ්ටය; 14පහළොස්වෙනි එක බිල්ගාටය, දහසයවෙනි එක ඉම්මෙර්ටය; 15දහහත්වෙනි එක හෙසීර්ටය, දහඅටවෙනි එක හප්පිශ්ශෙශ්ටය; 16දහනවවෙනි එක පෙතහියාටය, විසිවෙනි එක යෙහෙස්කෙල්ටය; 17විසිඑක්වෙනි එක යාකීත්ටය, විසිදෙවෙනි එක ගාමූල්ටය; 18විසිතුන්වෙනි එක දෙලායාටය, විසිහතරවෙනි එක මයසියාටය. 19ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.
ලෙවීවරුන්ගේ පවුල්
20ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂූබායෙල්ය; ෂූබායෙල්ගේ පුත්‍රයන්ගෙන් යෙදෙයාය. 21රෙහබියාගෙන් එනම් රෙහබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ඉෂ්ෂියාය. 22ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත්ය; ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් යාහත්ය. 23හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය. 24උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකාය; මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර්ය. 25මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය. 26මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. යාසියාගේ පුත්‍රයෝ: බෙනෝය. 27මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය. 28මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ. 29කීෂ්ගෙන් එනම් කීෂ්ගේ පුත්‍රයන්ගෙන් වූ යෙරාමෙයෙල්ය. 30මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් සහ යෙරීමොත්ය. ඔව්හු තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝය. 31ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy