1
සෙෆනියා 3:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය. උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක; උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක. උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.”
Compare
Explore සෙෆනියා 3:17
2
සෙෆනියා 3:20
එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි. එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි. ඔබගේ ඇස් පනා පිට ම මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල, මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
Explore සෙෆනියා 3:20
3
සෙෆනියා 3:15
ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ.
Explore සෙෆනියා 3:15
4
සෙෆනියා 3:19
ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි.
Explore සෙෆනියා 3:19
Home
Bible
Plans
Videos