1
සෙකරියා 9:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
හොඳහැටි ප්‍රීති වන්න. එම්බා සියොන් දියණිය, ජය ගොස නගන්න. එම්බා යෙරුසලම් දියණිය, මෙන්න, ඔබේ රජ ඔබ වෙත එයි. උන්වහන්සේ ධර්මිෂ්ඨ ය, ගැලවීම ඇති තැනැත්තා ය. නිහතමානී ව බූරුවකු පිට නැග, දෙනකගේ පැටවකු වන වස්සකු පිට එයි.
Compare
Explore සෙකරියා 9:9
2
සෙකරියා 9:10
එප්‍රායිම් වෙතින් යුද්ධ රථ ද යෙරුසලම වෙතින් යුද්ධ-අශ්වයින් ද මම සිඳ දමන්නෙමි. සටනට ගන්නා දුණු-හී ද කැඩී බිඳෙනු ඇත. එතුමාණෝ ජාතීන් වෙත සාමය ප්‍රකාශ කරන සේක. එතුමාණන්ගේ රාජ්‍යය මුහුදින් මුහුදටත්, ගංගාවේ පටන් පොළෝ සීමාන්ත දක්වාත් ය.
Explore සෙකරියා 9:10
3
සෙකරියා 9:16
එඬේරකු තම රංචුව බේරාගන්නාක් මෙන්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ දවසේ ඔවුන් මුදා ගන්නා සේක. මන්ද, කිරුළක මැණික් ලෙසින් ඔවුන් උන්වහන්සේගේ දේශයෙහි බැබළෙනු ඇත.
Explore සෙකරියා 9:16
Home
Bible
Plans
Videos