1
ගීතාවලිය 42:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.
Compare
Explore ගීතාවලිය 42:11
2
ගීතාවලිය 42:1-2
මුවා දිය දොළවලට ආශාවන්නා සේ, මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස. දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි. අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද?
Explore ගීතාවලිය 42:1-2
3
ගීතාවලිය 42:5
එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ දෙවියන්වහන්සේට.
Explore ගීතාවලිය 42:5
4
ගීතාවලිය 42:3
“කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි මිනිසුන් මුළු දවස පුරා මට කියන කල, කඳුළු පමණි, දිවා රැයේ මට ආහාර වූයේ.
Explore ගීතාවලිය 42:3
5
ගීතාවලිය 42:6
අධෛර්යට පත් වෙයි මා තුළ මගේ ආත්මය; එබැවින් යොර්දාන් ගංගා දේශයේ සිට, හෙර්මොන් කඳු මුදුනේ සිට, මිසාර් කන්දේ සිට, මම ඔබ සිහි කරන්නෙමි.
Explore ගීතාවලිය 42:6
Home
Bible
Plans
Videos